බැඳුම්කර නඩුවේ අධිචෝදනා 11කින් රවිලා නිදහස්

161

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 10 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවක අධිචෝදනා 22 ක් පොදු දේපළ පනත යටතේ ගැනෙන අධිචෝදනා 11 ඉදිරියට පවත්වාගෙන යෑමට නොහැකි බවට කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (06 දා) ඒකමතිකව තීරණය කළේය.

එම අධිචෝදනා පත‍්‍රය සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය නිකුත්කරමින් අමල් රණරාජා, නාමල් බලල්ලේ හා ආදිත්‍ය පටබැඳිගේ යන විනිසුරු ම`ඩුල්ල එලෙස තීන්දු කළේය. විනිසුරු ම`ඩුල්ල නිකුත් කළ එම නියෝගය අනුව විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබූ ලියාපදිංචි ස්කන්ධ හා සුරැුකුම්පත් ආඥා පනත යටතේ ගැනෙන ඉතිරි අධි චෝදනා ඉදිරියට පවත්වාගෙන යෑමට පැමිණිල්ලට අවසර හිමිවිය.

ඉදිරියට පත්වාගෙන යෑමට අධිකරණය අවසර ලබා නොදුන් අධිචෝදනා ඉවත් කර සංශෝධිත අධිචෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කරන්නේද නැතහොත් ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග මොනවා දැයි දැනුම් දීමට දින ලබාදෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

බැඳුම්කර නඩුවේ අධිචෝදනා 11කින් රවිලා නිදහස්


ඒ අනුව ඊයේ (06දා) ආරම්භ කිරීමට නියමිතව තිබූ පැමිණිල්ලේ සාක්‍ෂි විභාගය දින නියමයක් නොමැතිව කල් තැබීමට නියම කළ විනිසුරු ම`ඩුල්ල පැමිණිල්ලේ ස්ථාවරය දැනුම්දීම සඳහා එම නඩුව ලබන ජනවාරි 26 වැනිදා යළි කැඳවීමට නියම කළේය. පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීම සඳහා අධිකරණය විසින් නිකුත් කළ සිතාසි නියෝග මත ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටි මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඇතුළු සාක්‍ෂිකරුවන් තාවකාලිකව නඩු කටයුත්තෙන් මුදාහැරීමට ද විනිසුරු ම`ඩුල්ල නියෝග කළේය.

2016.3.03 වැනිදා හා 2016.5.13 වැනිදා කාලය අතරතුරදී පැමිණිල්ල නොදත් අන් අය සම`ග ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි ප‍්‍රාථමික අලෙවිකර ආයතනයක් වන පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට අයුතු ලාභයක් ලබාදීම පිණිස 2016.3.31 වැනි දින පැවැති භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියකදී පොදු දේපළක් වන රුපියල් බිලියන 15 ක් බැඳුම්කර වංක චේතනාවෙන් ව්‍යපහරණය කිරීම, ඊට ආධාර අනුබලදීම ඇතුළු අධිචෝදනා 22 ක් යටතේ නීතිපතිවරයා එම නඩුව පවරා තිබිණි.

සිය සේවාදායකයන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති පොදු දේපළ පනත යටතේ ගැනෙන අධිචෝදනා ඉදිරියට පවත්වාගෙන යෑමේ නීතිමය ප‍්‍රතිපාදන නොමැති බවට විත්තියේ නීතිඥ මූලික විරෝධතාවයක් ගොනු කර තිබූ අතර එකී විරෝධතා ප‍්‍රතික්‍ෂේප කරන ලෙස පැමිණිල්ල මෙහෙය වූ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම අනුව පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම සහ ඊට අනුබද්ධිත සමාගම් 20 ක නමින් පවත්වාගෙන ගිය සියලූ බැංකු ගිණුම් පමණක් නොව එහි සේවය කළ කසුන් පළිසේන යන අයගේද ගිණුම් තහනම් කිරීමට කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් තහනම් කිරීම නිසා ඔවුන් දැඩි අසීරුතාවයට පත්වී ඇති බවද විත්තියේ නීතීඥවරුන් අධිකරණයට පෙන්වාදී තිබිණි.
රජයේ අධිනීතීඥ උදාර කරුණාතිලක, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය සම`ග ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා පැමිණිල්ල මෙහෙය වූහ. ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන, ජනාධිපති නීතීඥ ශවේන්ද්‍ර ප‍්‍රනාන්දු, ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න, ජනාධිපති නීතිඥ නවීන් මාරපන, ජ්‍යෙෂ්ඨ නීතිඥ ජීවන්ත වීරසිංහ යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් විත්තිය නියෝජනය කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment