බැඳුම්කර මගඩියේ ගිණුම් නිදහස් කරන්න යනවා – පුබුදු ජයගොඩ  

116

බැඳුම්කර වංචාවෙන් පසු ඊට අදාළව අත්හිටුවා තිබූ ගිණුම්වල තහනම ඉවත් කිරීමට ආණ්ඩුව ක්‍රියා කරමින් ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (26 දා) පැවසීය.

තහනම ඉවත් කිරීමට යන එවැනි එක් ගිණුමක බිලියන හතරක් ඇතැයි පැවසූ ජයගොඩ මහතා මෙම තහනම ඉවත් කිරීම බැඳුම්කර මගඩියේ දෙවැනි අදියර යැයි ද කීවේය.

එදා එම ගිණුම් අත්හිටුවූවේ බැඳුම්කර වංචාවෙන් සිදු වූ පාඩුව එම ගිණුම්වල ඇති මුදල්වලින් අයකර ගැනීමේ නීතිමය පසුබිම සකස් කර ගැනීමට ද හෙතෙම පැවසීය.

රජයේ මෙම තීරණය ජනතා අධිකරණයක් හමුවට ගෙන යන බව ද හෙතෙම කීවේය.

එමෙන්ම කෝටි 280ක් බදු ගෙවීම පැහැර හැරීම නිසා බලපත්‍ර අත්හිටුවූ මත්පැන් සමාගමකට යළිත් මත්පැන් බලපත්‍ර දීමට ආණ්ඩුව කටයුතු කර ඇති යැයි ද හෙතෙම සඳහන් කළේය. මෙසේ යළි බලපත්‍ර දෙන්නේ වංචා කළ බදු මුදල් ශත පහක් හෝ යළි අයකර ගන්නේ නැතුව යැයි ද ජයගොඩ මහතා කීවේය. අදාළ සමාගම රාජ්‍ය බැංකු ඇතුළු බැංකුවලින් ගත් ණය පවා ගෙවීම පැහැර හැර ඇති සමාගමක් යැයි ද පැවසූ ජයගොඩ මහතා ආණ්ඩුව ගජමිතුරන්ට සැලකීමට ප්‍රමුඛත්වය දී ඇතැයි ද කීවේය.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment