බැඳුම්කර වංචාවෙන් ලැබුණු මුදල් ලොරිවලින් සිරිකොතට ගෙන ගියා – ඇමැති ජොන්ස්ටන්

216

මහ බැංකු බැඳුම්කර වංචාවෙන් ලැබුණු මුදල් ලොරි මගින් සිරිකොතට ගෙන යෑමට එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධානීන් කටයුතු කළ බව මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඊයේ (24 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම මුදල් පක්ෂයේ මහලේකම් වූ කබීර් හෂීම් මහතා මහ මැතිවරණයට වියදම් කිරීමට කෝටිය බැගින් බෙදාදුන් බවත් එම සත්‍යය සිරිකොත මූලස්ථානයේ සිටි ලේකම්වරයකු වූ සුදත් චන්ද්‍රසේකරගෙන් අසා ගන්නා ලෙසත් යැයි ද ඇමැතිවරයා කියා සිටියේය.

එලෙස රාජ්‍ය මුදල් හොරකම් කිරීම නිසා එක්සත් ජාතික පක්ෂය පසුගිය මහ මැතිවරණයේදී දියවී ගිය බවත්, එජාප නායකයා මෙන්ම එජාපයේ හිටපු ඇමැතිවරුන් හොරු බවටත් හෙතෙම සඳහන් කළේය.

මහාමාර්ග ඇමැතිකම නොදුන් නිසා එවකට එජාප මහලේකම් වූ කබීර් හෂීම් මහතා පකිස්තානයට ගොස් සිටි බව ද ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමැතිවරයා කියා සිටියේය.

ඇමැතිවරයා මෙම චෝදනා කරන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටි කබීර් හෂීම්, හර්ෂණ රාජකරුණා, සුජිත් සංජය පෙරේරා යන මන්තී‍්‍රවරු එම චෝදනා ප‍්‍රතික්ෂේප කරමින් අදහස් දැක්වූහ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment