‘බැරල් සංඛගේ’ කුඩු ගෝලයන් දෙදෙනා පාතාලයෙන් වෙඩි කා නසිති

682

කඩවත මහ රෑ ගිනි අවි සහ ගිනි කෙළි

හේතුව මත්ද්‍රව්‍ය ආරවුලක් වෙඩි ප‍්‍රහාර 10ක් තියලා

සිද්ධිය සී. සී. ටී. වී. කැමරාවල

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු පසුපස යතුරුපැදියකින් පන්නාගෙන ආ පාතාල සාමාජිකයන් දෙදෙනකු කඩවත මහර 9 කණුව ප‍්‍රදේශයේදී එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනාට මහමගදී වෙඩි තබා ඝාතනය කර මුළු ප‍්‍රදේශයම භීතියට පත් කරමින් පලා ගොස් ඇත.

ටී.56 ගිනිඅවියක් යොදාගෙන මෙම ද්විත්ව ඝාතනය සිදුකර ඇත්තේ පෙරේදා (24 දා) රාත‍්‍රි 9.45ට පමණය.

‘බැරල් සංඛගේ’ කුඩු ගෝලයන් දෙදෙනා පාතාලයෙන්  වෙඩි කා නසිති

මෙසේ ඝාතනයට ලක්වූ කසුන් චින්තක සහ කැලූම් සමීර නමැති පුද්ගලයන් දෙදෙනා පෑලියගොඩ ප‍්‍රදේශයේ පාතාල ප‍්‍රබලයකු බව කියන ‘බැරල් සංඛ’ නමැත්තාගේ සමීප ගෝලයන් බව පොලිසිය පවසයි. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත මෙම ද්විත්ව ඝාතනය සිදුවී ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

ඝාතනයට ලක්වූ කැලූම් චින්තක නමැත්තා මීට කලකට උඩදී මට්ටක්කුලිය ප‍්‍රදේශයේදී චූටි උක්කුං නමැත්තා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවකු බවද පොලිසිය පවසයි.

මෙම ඝාතනයට අමතරව තවත් අපරාධ රැු ස ක ් සම්බන්ධයෙන් මොවුන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබෙන බව ද පොසියිය පවසයි.

පෙරේදා රාත‍්‍රි 9.45ට පමණ බැරල් සංඛගේ ගෝලබාලයන් දෙදෙනා යතුරුපැදියකින් පෑලියගොඩ ප‍්‍රදේශය බලා එමින් සිටියදී කඩවත මහර 9 කණුව ප‍්‍රදේශයේදී පසුපසින් පැමිණි යතුරුපැදියක් මග හරස්කර ඇත.

ඒ අවස්ථාවේ බැරල් සංඛගේ ගෝලයන් දෙදෙනා ගමන්ගත් යතුරුපැදිය පෙරළී ගොස් ඇති අතර පාතාල සාමාජිකයන් දෙදෙනා බිම වැටී සිටි පුද්ගලයන්ට ටී 56 ගිනිඅවියෙන් ප‍්‍රහාර එල්ලකර තිබේ.

වෙඩි ප‍්‍රහාර 10ක් එල්ලවී තිබූ අතර තරුණයන් දෙදෙනා සිද්ධිය වූ ස්ථානයේම මියගොස් ඇත. මෙම ප‍්‍රහාරය එල්ලවූ ආකාරය සීසීටීවී කැමරාවල පටිගතවී ඇති අතර ඒ ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුුම් ආරම්භ කර තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කඩවත පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු, මංගලා මදුරප්පෙරුම – කැලණිය

advertistmentadvertistment
advertistmentadvertistment