බැරි බැරියාව හදන සුදු බත් වෙනුවට… නිවුඩු හාල් කෑමට ගනිමු

389

නිවුඩු හාලේ බත් සිරුරට මොන තරම් ගුණදායක ද? එදත් අදත් බොහෝ අය ඒ පිළිබඳ විවිධ කතා කියති. එදා ගාල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයානන්ද දහනායක මහතා ඔහුගේ අසූතුන්වන ජන්ම දිනය නිමිත්තෙන් ජනතාවට කදිම පණිවුඩයක් නිකුත් කළ අයුරු මතකෙට නැගේ. ඔහු එදා සිය නිරෝගී දිවි පෙවෙතට හේතු වූ කදිම රහස නොසඟවා රටට කීවේ මෙලෙසිනි.

 “නිවුඩු හාලේ බතත්, නිවුඩු හාලෙන් සකස් කළ පිටි ආහාරත් මගේ ආහාරයයි. මගේ නිරෝගී දිවි පෙවෙතට හේතුව එයයි”

 මේ පණිවුඩය එකල මුළු රටේම ජනතාවගේ නැණස පෑදීමට තදින්ම බලපෑවේය.

බැරි බැරියාව හදන සුදු බත් වෙනුවට... නිවුඩු හාල් කෑමට ගනිමු

 ‘නිවුඩු හාල’ට හොඳ කලක් උදාවිය. එදා පටන් නිරෝගී දිවියකට ලොල් වූ පිරිස නිවුඩු හාලේ බතත්, නිවුඩු හාලෙන් සකස් කළ පිටි ආහාරත් ගත්තේ ආචාර්ය විජයානන්ද දහනායක මහතා කී රහසේ සත්‍යය සක්සුදක් සේ සහතික කරමිනි.

 මේ එදා කතාවකි. විජයානන්ද දහනායක මහතාගේ නිරෝගී දිවියට හේතු වූ ‘නිවුඩු හාල්’ පිළිබඳ ඒ වන විටත් හොඳින්ම දැන සිටි විද්වතෙකු විය. හේ පෝෂණවේදියෙකි. මීගමුවේ පදිංචිව සිටි මේ පෝෂණවේදියා ප්‍රියන්ත පීරිස් ය. ආචාර්ය විජයානන්ද දහනායක මහතාගේ නිරෝගී දිවි පෙවෙතට මගපාදා දුන්නේ ප්‍රියන්ත පීරිස් නමැති පෝෂණවේදියා යැයි දහනායක මහතාම රටටම හෙළි කළේ මුළු රටම නිරෝගී මිනිසුන් පිරි පාරාදීසයක් කරනු රිසියෙනි. ප්‍රියන්ත පීරිස් පෝෂණවේදයට සීමා වූවකු නොවන අතර මොරටුව විශ්වවිiාලයේ උපාධිධාරියෙකි. යාන්ත්‍රික ඉංජිනේරුවෙකි.

 ඔහු වරක් එවකට ජනාධිපති ලෙස සිටි රණසිංහ ප්‍රේමදාස මහතාට ලිපියක් යොමු කළේය. ඒ 1980 වසරේදීය.

 ප්‍රේමදාස මහතා ඒ ලිපිය කියවා බලා ප්‍රියන්ත පීරිස් මහතාට තමා හමුවන ලෙස දැනුම් දුන්නේය. පීරිස් මහතා ජනාධිපතිවරයා හමුවන්නට ගිය මොහොතේ එවකට ජනසවිය කොමසාරිස් වයි. ඩබ්ලිව්. ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් ද එහි සිටියහ.

 හරි, මොනවද ශරීරයට හොඳ පෝෂ්‍යදායී ආහාර… ජනාධිපතිවරයා පළමු ප්‍රශ්නය යොමු කළේ පෝෂණවේදියා දෙස තියුණු බැල්මක් ද හෙළමිනි.

 “බිත්තර හොඳයි” පීරිස් මහතා කී දෙයින් ජනාධිපතිවරයා පුදුමයට පත්ව පුටුව පිටුපස්සට කර “නෝ නෝ… එග්ස් කොලෙස්ටරෝල්” කියා පැවසුවේය.

 “නෑ සර් … බිත්තරවල කොලෙස්ටරෝල් නැති කරන්න හැකියාවක් තියෙනවා.” “ගුඩ්” කී ප්‍රේමදාස ජනාධිපතිවරයා එතැන් පටන් ගම්බිත්තර ආහාරයට ගත්තේ ඒ කළ ප්‍රමාණවත් විග්‍රහකිරීම තේරුම් ගත් බැවිනි.

 මෙකී පෝෂණවේදී ඉංජිනේරු ප්‍රියන්ත පීරිස් මහතා මෙරට ජනතාවගේ නිරෝගීකම පිළිබඳ අදටත් වෙහෙස වන අයෙකි. ඔහු ඒ පිළිබඳ අදත් කතා කරන්නේ මෙපරිද්දෙනි.

 ලෝකයේ මිනිසුන් අතර ගත්කල ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා යම්කිසි අලස ගති පෙන්වති. ඊට හේතුව ඒ අයගේ වරදක් නොව ආහාරයට ගනු ලබන ආහාර වේලේ වරදක්. මම මේ පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ පර්යේෂණ කළ කෙනෙක්. මේ රටේ මිනිසුන් වැඩිපුරම ආහාරයට ගන්නේ බත්. තුන්වේලම බත් කන ජාතියක් ලෙස අප ප්‍රකට රටක්. අපේ ආහාර වේලක තිබෙන කාබෝහයිඩ්‍රේට් (පිෂ්ටය) ඉතා වැඩියි. ඒ නිසා කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩකින්වත් අඩුකර ගත යුතුයි. බත් ආහාරයට ගත් පසු නිදිමතගතිය ඇතිවීම සාධාරණය. බත් ජීර්ණය වීමේදී නිපදවන ග්ලූකෝස් ප්‍රමාණය අධිකය. ඉන්සියුලින් නමැති හෝමෝනය රුධිරය සමඟ එක් වූ පසු රුධිරයේ පවතින ඇමිනෝ අම්ල වර්ග සෛල තුළට තල්ලු කෙරේ. මේ නිසා ටි්‍රප්ටෝෆෑන් නමැති ඇමිනෝ අම්ලය මොළයේ සෛල තුළට වැඩි වශයෙන් අතුල් වේ. මොළයට ඇතුල්වන ටි්‍රප්ටෝෆෑන් එහිදී පෙරටොනික් නම් රසායනය බවට හැරී නිදිමත ඇති වේ. නුරුස්නා ගතිය, ඉවසීම නොමැතිව යෑම ආදියට ද මෙම තත්ත්වය හේතු වේ. බත්වලට අමතරව ආහාරයට ගනු ලබන අනෙකුත් ආහාරපාන අංශක 85 සීමාවට එහා තැම්බීම ද අපේ පුරුද්දකි. ඒවා ආහාරයට ගත් පසු නිව්රෝට්‍රාන්ස්මීටර්ස් රසායනික නිසා, අතපසු කිරීමේ ගතියක් මතු වේ. හෙටට කල් දැමීමට හේතුව ද මෙකී ආහාර රටාවමයි. ‘හෙට මෑන්’ ලෙස විද්ශිකයන්

 ශ්‍රී ලාංකිකයන් හඳුන්වන්නට ගත්තේ අද නොව හෙටට කල් දමන ඒ පුරුද්ද නිසාමය.

 ඒ නිසා අපගේ මේ ආහාර ගැනීමේ රටාව වහා වෙනස් කළ යුතුව ඇත. එදා ගාල්ල නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයානන්ද දහනායක මහතා නිවුඩු හාල් බත් හා නිවුඩු හාල් පිටි ආහාරයට ගත් හේතුව සුළු කොට නොතැකිය යුතුය. දහනායක මහතා අසූතුන්වැනි වියේදී රටේම ජනතාවට කීවේ

 නිවුඩු හාලේ බත් කෑමට පෙළඹෙන ලෙසය.

 ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment