බැෂලේගේ යෝජනාව රජයෙන් කුණු කූඩයට

245

පරිපාලන කටයුතු සඳහා පත්කර ඇති හිටපු හමුදා ප‍්‍රධානීන් සියලූ දෙනා එම ධුරවලින් ඉවත් කරන ලෙස ජිනිවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ කළ ඉල්ලීම ශී‍්‍ර ලංකා රජය ප‍්‍රතික්ෂේප කර ඇත.

රජය මිලිටරිකරණය වී ඇති බවට චෝදනා කරමින් ඇය ජිනීවා මානව හිමිකම් සමුළුවේ 49 වැනි සැසිවාරයට ඉදිරිපත් කර ඇති වාර්තාවේ මේ ඉල්ලීම දක්වා තිබේ.

වන්නි මෙහෙයුමට සම්බන්ධ හමුදා නිලධාරීන්ට කොටි ඩයස්පෝරාව එල්ල කර ඇති චෝදනා නිසා මානව හිමිකම් කොමසාරිස්වරිය පරිපාලන ක්ෂේත‍්‍රයේ සිටින එම හිටපු හමුදා නිලධාරීන් ඉවත් කළ යුතු යැයි දක්වා ඇත.

මෙලෙස රජයේ ඉහළ තනතුරුවලට හිටපු හමුදා නිලධාරීන් පත්කිරිම නිසා රජය මිලිටරිකරණය වී ඇතැයි ඇය චෝදනා කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment