බැෂලේට යන්නැයි රටවල් 18ක් කියයි – ජිනීවා සමුළුව අර්බුදයක

1165

මානව හිමිකම් උල්ලංඝනය වීම් වසන් කිරීමේ චෝදනා මත ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේට වහාම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස රටවල් 18ක් සහ සංවිධාන 230ක් ඉල්ලා ඇත.මේ නිසා ආරම්භවී ඇති 50 වැනි ජිනීවා සමුළුව දැඩි අර්බුදයකට ලක්වී තිබේ. මෙම ඉල්ලීමත් සමගම මිචෙලි බැෂලේ ප්‍රකාශ කර ඇත්තේ තමා යළිත් වරක් මානව හිමිකම් කොමසාරිස් ධුරයට ඉදිරිපත් නොවන බවයි.මානව හිමිකම් උල්ලංඝනය කළ බලවත් රටක සංචාරයේ යෙදී ඇති බැෂලේ එම රටට එරෙහිව කිසිදු ප්‍රකාශයක් කර නැත. මානව හිමිකම් කවුන්සිලය තුළ මානව හිමිකම් කොමසාරිස්වරියක් මෙවැනි තත්ත්වයකට මුහුණපෑ මුල්ම අවස්ථාව මෙයයි. මේ අතර මිචෙලි බැෂලේගේ පුත් සෙබස්තියන් ඩවලොප් චිලි රාජ්‍යයේ ආයතනයක වංචනික ක්‍රියාවකට සම්බන්ධවීම නිසා එම ආයතනයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment