බැසිල්ගේ අයවැය නොවැම්බරයේ… අමතර වියදම් අඩු කරන්න

129

සියලූ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවල අමතර වියදම් අඩුකර දැඩි මූල්‍ය විනයක් පවත්වාගෙන යන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙරේදා (30දා* කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

පසුගිය අයවැය ලේඛනයෙන් ඉදිරිපත් කරන ලද මේ වසරේදී දැනටත් වැඩ ආරම්භ කර නොමැති ව්‍යාපෘති තිබෙනවා නම්, ඒවා මේ වසර තුළදී මූල්‍යමය වශයෙන් ඉදිරියට ගෙන යෑමට නොහැකි නම් එම වැඩසටහන් පිළිබඳව නැවත ප‍්‍රගති සමාලෝචනයක් කර තීන්දුවක් ගන්නා ලෙසද දැනුම්දී තිබේ. අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම් තිබෙනවා නම් එම බඳවා ගැනීම් නතර කරන ලෙස ද දැනුම් දී ඇති අතර, දැනටමත් අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තු සතුව කළමනාකරණය කරගත හැකි වියදම් ඇත්නම් ඒවා කළමනාකරණය කරගෙන දැඩි මූල්‍ය විනයක් පවත්වාගෙන යන ලෙසත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට වැඩිදුරටත් දැනුම්දී ඇත. ඒ බව සම කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ (31දා* පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment