බැසිල්ගේ ඇමැති ධුරය ගලවන්න!

390

උලපනේ හිමිගේ පෙත්සම මාර්තුවට කල්යයි

ඇමරිකානු නීතිය හා එරට ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාව යටතේ දිවුරුම් ලබාදී ඇමරිකාවේ පුරවැසිභාවය ලබාගත් බැසිල් රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකාවේ පුරවැසි පනත අනුව මෙරටේ කිසිදු තනතුරක් දැරීමට නීතිවිරෝධී බවට නිගමනය කරන ලෙස ඉල්ලා උලපනේ සුමංගල හිමියන් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම සලකා බැලීම ස`දහා ලබන මාර්තු 16 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (07දා) නියෝග කළේය.

බැසිල් රාජපක්‍ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පත්වීම හා දිවුරුම් දීමත් එම තනතුරේ කටයුතු කිරීමත් බලරහිත කරන ලෙසටද ඉල්ලා ගොනුකර තිබූ එම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල හමුවේදී කැ`දවිණි.

එම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කොට ඇති බැසිල් රාජපක්‍ෂ මහතාට නොතිසි නිකුත් කළ නමුත් මේ දක්වා නොතිසි ලැබී නොමැති බව දැන ගන්නට ලැබී ඇතිි බැවින් නැවත නොතිසි නිකුත් කිරීමට පියවර ගන්නා බව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

එම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවට නීතිපතිවරයාත්, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා හා පාර්ලිමේන්තු මහලේකම්වරයා නම්කර තිබිණි. නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment