බැසිල්ගේ නම අද ගැසට්ටුවට

254

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස නම් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් අද (07 දා* ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.
 
 හිටපු මන්තී‍්‍ර ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරයට බැසිල් රාජපක්‍ෂ මහතා නම් කරන ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් ඊයේ මැතිවරණ කොමිසම වෙත ලිඛිතව දැනුම් දී තිබිණි.
 
 ඒ අනුව පක්‍ෂ ලේකම්වරයා පුරප්පාඩුව සඳහා ඉදිරිපත් කළ නම අද පැවැත්වෙන මැතිවරණ කොමිෂන් සභා රැුස්වීමට ඉදිරිපත් කර අනුමැතිය ලැබීමෙන් පසුව දහවල් බැසිල් රාජපක්‍ෂ මහතාගේ නම ඇතුළත් ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට යැවීමට නියමිතය.
 
 හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා ඊයේ පෙරවරුවේ ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වූ අතර ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දෙනු ලැබීය.
 
 මේ අතර බැසිල් රාජපක්ෂ මහතා මන්තී‍්‍රවරයකු ලෙස හෙට (08 වැනිදා* පෙරවරුවේ කථානායක මහින්දයාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට නියමිතය.
රනිල් ධර්මසේන – අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment