බැසිල්ට දුන් විෂය පථ තුනක් යළිත් අගමැතිට

357

මුදල් ඇමැති වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා දිවුරුම් දීමත් සමග එම අමාත්‍යංශයේ විෂය පථයන් සංශෝධනය කරමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය නැවත සංශෝධනය කර ඊයේ (9 දා* නව  ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
 
 එම නව ගැසට් නිවේදනයට අනුව මුදල් අමාත්‍යංශය යටතට පත්කර තිබූ බුද්ධශාසන අරමුදල, බෞද්ධ පුනරුද අරමුදල හා මධ්‍යම සංස්කෘතික අරමුදල අගමැතිවරයා යටතේ ඇති අමාත්‍යාංශය යටතට පත්කර තිබේ.
 
 මුදල් අමාත්‍යංශය යටතට පත්කර තිබූ අරමුදල් 18න් ඉහත අරමුදල් 3 නැවත අගමැතිවරයා යටතට පත්කර තිබේ.
 
 අගමැති මහින්ද රාජපක්ෂ මහතා යටතට පැවරුණු ආර්ථික ප‍්‍රතිපත්ති හා සැලසුම් ක‍්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයට අමතරව අගමැතිවරයා යටතේ බුද්ධශාසන, ආගමික, සංස්කෘතික කටයුතු සහ නාගරික සංවර්ධන, නිවාස අමාත්‍යාංශයන් ද පවතියි.

 අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment