බැසිල් ඇමරිකා යයි

133

හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (09 දා) උදෑසන ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යෑමට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා ගිය බව කටුනායක ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා සනාථ කළේය.

ඊයේ (09 දා) උදෑසන 10.05ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන්, ඔහු මුලින්ම ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි.

ඉන් පසුව එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යෑමට නියමිතය.
කටුනායක ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment