බැසිල් ඇවිත් පොහොට්ටුවට නව ජවයක් දෙනවා – එස්. බී කියයි

117

බැසිල් රාජපක්‍ෂ මහතා ලබන ඉරිදා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩවල ඔහු නිරතවීමට බොහෝදුරට ඉඩ තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. බී. දිසානායක මහතා “දිවයින”ට ඊයේ (18 දා) පැවසීය.

බැසිල් රාජපක්‍ෂ මහතා ඉරිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව දැනගැනීමට ලැබී තිබෙන්නේ යැයි ද දිසානායක මහතා සඳහන් කළේය.

බැසිල් රාජපක්‍ෂ මහතා ඇමෙරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ඔහු දේශපාලනයට පිවිසිනවා දැයි කියා ඇසූ පැනයට පිළිතුරු දෙමින් හෙතෙම එසේ ප්‍රකාශ කළේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment