බැසිල් ඉන්දියාවට පිටත්ව යයි

198

මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (15 දා) පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේය.

අමාත්‍යවරයා සමග මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. අටිගල මහතාද ඉන්දීය සංචාරයට එක්විය. මුදල් ඇමැතිවරයා ඇතුළු ශ‍්‍රී ලාංකික නියෝජිත පිරිස ඊයේ පස්වරු 2.15ට පමණ යූ.එල්. 155 ගුවන් යානයෙන් නවදිල්ලි නුවර බලා පිටත්ව ගියහ. ශ‍්‍රී ලංකාවට ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක මුල්‍ය පහසුකම් ලබාගැනීමට අදාළ ගිවිසුමට අත්සන්කිරීම මෙම සංචාරයේ ප‍්‍රධාන අරමුණ වන අතර ශ‍්‍රී ලංකාව වර්තමානයේ මහුණදී තිබෙන ආර්ථික අර්බුදය

විසඳාගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡුා කෙරේ.

අනුර බාලසූරිය ගුවන්තොටුපළ ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment