බැසිල් ඉන්දියාවේ නිල සංචාරයකට යයි

109

මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා දෙදින නිල සංචාරයක් ස`දහා ඊයේ (30 වැනිදා* පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියේය.

ශී‍්‍ර ලංකන් ගුවන් යානයකින් පිටත්ව ගිය මුදල් ඇමැතිවරයා ඊයේ පස්වරු 5.30 ට පමණ ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළ`ගා වී තිබිණි. මෙම සංචාරය අතරතුරදී බැසිල් රාජපක්‍ෂ මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සහ ඉන්දීය මුදල් ඇමැති නිර්මලා සීතාරාමන් මහත්මිය ඇතුළු ඉන්දීය රජයේ නියෝජිතයන් පිරිසක් හමුවීමට නියමිතය.

රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ණය ලබා ගැනීම්වලින් තොර වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීම මුදල් ඇමැතිවරයාගේ මෙම ඉන්දීය සංචාරයේ අරමුණ වී ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment