බැසිල් ඉන්දීය මුදල් ඇමැතිවරිය හමුවේ

213


ඉන්දියාවේ දෙදින නිල සංචාරය නිරත මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා අද පස්වරුවේ ඉන්දීය මුදල් හා ආයතනය කටයුතු පිළිබඳ ඇමැති නිර්මලා සීතාරාමන් මහත්මිය හමුවිය.
නවදිල්ලි නුවරදී පැවැති මෙම හමුවේ දී දෙරට ආර්ථික සහයෝගිතාව සම්බන්ධකරුණු රැුසක් පිළිබඳ සාකච්ඡුා පවත්වා ඇත.
ඉන්දීය රජය ආර්ථික සහයෝගීතා වැඩසටහන් තුළින් ශ‍්‍රී ලංකාවට ලබා දී ඇති සහයෝගය පිළිබඳව මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය මුදල් අමාත්‍යවරිය ස්තුතිය පළ කර තිබේ.
දෙරට ආර්ථික සහයෝගීතා වැඩසටහන් තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡුා කර ඇති අතර මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ යන මහත්වරුන් ඇතුළු වූ පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment