බැසිල් කපුටාගේ ගුණ වයයි

685


තමා සම්පූර්ණයෙන්ම රාජ්‍ය පාලන කටයුතු වලින් ඉවත්වන බව හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.කෙසේවෙතත් දේශපාලන කටයුතු වලින් ඉවත් නොවන බවද කීවේය.රාජ්‍ය පාලනයක් දේශපාලනයත් දෙකක් බව තමා මුල සිටම විශ්වාස කළ බවත් පැවසූ ඒ මහතා තමා විශ්වාස කර දේශපාලනයට පැමිණි අය වෙනුවෙන් තවදුරටත් දේශපාලන කටයුතු වල නිරතවන බවද පැවසීය.මේ දින වල තමා හැදින්වීමට යොදා ඇති පක්ෂියා නරකම සතෙක් නොවන බවත් තම දුරකථනය නාද වන්නේද එම සතාගේ හඩ සමග බැසිල් බැසිල් කියා යැයිද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment