බැසිල් – මෝදි හමුවේදී මුල් තැන දෙරට අතර ආර්ථික සහයෝගිතාවට

164

ශී‍්‍ර ලංකා මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (16දා) දහවල් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවිය.

ඉන්දියාව සෑම විටම ශී‍්‍ර ලංකාවත් සමග සිටින බව එහිදී ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා මුදල් ඇමැතිවරයාට පවසා ඇත. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති නවදිල්ලියේ පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය පවසන්නේ ඉන්දියානු අග‍්‍රාමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු වූයේ දෙරට අතර ආර්ථික සහයෝගීතාව සම්බන්ධයෙන් බවයි. එසේම තවත් ක්‍ෂේත‍්‍ර කිහිපයක් ගැන ද මෙහිදී සාකච්ඡුා සිදුව ඇත. ශී‍්‍ර ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකමක් ලබාගැනීම සඳහා වන සාකච්ඡුාවලට ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ඉන්දියාවට ගොස් තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment