බැසිල් සර්ව පාක්ෂික සමුළුවේදී හැසිරුණු හැටි රටම දැක්කා

354

පාර්ලිමේන්තුව හරහා පක්ෂ නායකයින් එක්කරගෙන රටේ ප‍්‍රශ්නවලට විසඳුම් සොයන්න….
සමගි තරුණ බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මයන්ත දිසානායක

පාර්ලිමේන්තුව හරහා සියලූම ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ දේශපාලන නායකයන් එකතු කරගෙන මේ රටේ තිබෙන දැවැන්ත ප‍්‍රශ්නවලට විසඳුම් සොයන්න සියලූ දෙනාට ආරාධනා කරන බව සමගි තරුණ බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මයන්ත දිසානායක මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

ජනාධිපතිතුමා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිබුණා. හැබැයි අපි දරන මතය තමයි මේ රටේ ආර්ථිකය බලය, මුදල් පාලන බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. අපි මුල ඉඳන්ම කිව්වා පාර්ලිමේන්තුවේ සියලූම දේශපාලන පක්ෂ නායකයන් එකතු කරගෙන මේකට විසඳුම් හොයන්න පාර්ලිමේන්තුව දින කිහිපයක් කරගෙන යන්න කියලා. හැබැයි ජනාධිපතිතුමා දුන්න විසඳුම තමයි සර්වපාක්ෂික සමුළුවක්. අපි මීට කලින් සර්ව පාක්ෂික සමුළුවක් දැකලා තියෙනවා. ආර්ථික ප‍්‍රශ්නවලට විසඳුම් ලබා දියයුත්තේ පාර්ලිමේන්තුව හරහා. එම නිසා තමයි සමගි ජන බලවේගය මේ සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වුණේ නැත්තේ.

ඒ වගේ මෙම සර්ව පාක්ෂික සමුළුවේදී මුදල් ඇමැතිතුමා හැසිරුණු ආකාරය අපි දැක්කා.

එහිදී රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා ප‍්‍රශ්නයක් අහනකොට ප‍්‍රතිචාර දක්වපු හැටි අපි දැක්කා. ඒ වගේම මුදල ඇමැතිතුමා පාර්ලිමේන්තුවට එන්නේ නැහැ. එතුමා ඇවිත් විනාඩි කිහිපයක් ඉඳලා යනවා. පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් නඟන ප‍්‍රශ්නවලට උත්තර දෙන්නේ නැහැ. හැබැයි සර්ව පාක්ෂික සමුළුව ගිහිල්ලා එතුමා හැසිරුණ ආකාරය අපි දැක්කා. ඒ නිසා අපි ඉල්ලන්නේ පාර්ලිමේන්තුව රැුස් කරලා මේ රටේ තියෙන ප‍්‍රශ්නවලට පාර්ලිමේන්තුව හරහා විසඳුම් හොයන්න ජනාධිපතිතුමා පියවර ගන්න කියලා. මෙහෙම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවලා මේ ආකාරයට නම් මේ රටේ ප‍්‍රශ්නවලට විසඳුම් හොයන්න බැහැ.

අපි දන්නවා ඉදිරියේදී ඉන්ධන මිල අනිවාර්යයෙන්ම තවත් වැඩි වෙනවා. ඒ හරහා මේ රටේ තියෙන ජීවන වියදම ජනතාවට දරාගන්න බැරි වෙනවා. මේ කෙටි කාලය තුළ ගෑස් මිල තුන් හතර ගුණයකින් වැඩි වෙලා. පෙට්ට‍්‍රල් ඞීසල් මිල තුන් හතර ගුණයකින් වැඩිවෙලා. මේ ආකාරයට රජය කිසිම පාලනයක් නැතුව ඉන්ධන මිල ඇතුළු භාණ්ඩ මිල වැඩි කරනවා නම් මොකටද ආණ්ඩුවක් කියන එක අපිට මේ වෙලාවේ අහන්න වෙනවා.

මීට පෙර අවුරුදු වල අපි දැක්කා මේ සමය වන විට මුස්ලිම් කඩ සාප්පු වර්ජනය කරන්න කියන එක මේ ආණ්ඩුවෙන්ම බලයට එන්න කලින් හඬක් නැගුවා. හැබැයි අද ඒ හඬ නගන්නේ නැහැ අද ආණ්ඩුව කරන්නේ වෙනත්ම දෙයක්. ජනාධිපතිතුමා කියනවා උතුරු සංවර්ධනයට ජනාධිපතිගෙන් ඩයස්පෝරාවට ඇරයුම් කියලා. හැබැයි ඡුන්දය ලබා ගත්තේ කොහොමද ජාතිවාදය ආගම්වාදය අවුස්සලා තමයි බලයට ආවේ. අද වෙනකොට ඒ අයගේ බයියෝ සෙට් එක හැට නම ලක්ෂය ඒ අයගේ මතය මොකක්ද? ඒ අය මොකක්ද කියන්නේ මේ චෝදනාව එල්ල කළේ අපේ හිටපු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ අපිට තමයි කිව්වේ. හැබැයි මේ අය ඩයස්පෝරාවත් එක්ක වැඩ කරනවා. අද ඉතා පැහැදිලිව ජනාධිපතිතුමා කියනවා ඩයස්පෝරාවට ඇවිත් වැඩ කරන්න කියලා. ඉතාමත් වැරදි ජනතාව මුලා කරපු ප‍්‍රතිපත්තියක් තමයි මේ ආණ්ඩුව කරගෙන යන්නේ. එම සියලූ කටයුතු අපි තරයේ හෙළා දකිනවා. අපිට අවශ්‍ය කරන ආණ්ඩුවක් හදාගන්න අපි මේ රටේ ඉන්න ජනතාවට ආරාධනා කරනවා.

ඊයේ දිනයේ දී ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමා පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශ කළා කෝප් කමිටුවට මහ බැංකුවේ නිලධාරීන් එන්නේ නැහැ කියලා. එහෙම ඒ අයට උපදෙස් දීල තියෙන්නෙ කවුද? මුදල් ඇමැතිතුමා පාර්ලිමේන්තුවට ඇවිත් ප‍්‍රකාශයක් කරන්නෙ නැත්නම් ප‍්‍රශ්නවලට උත්තර දෙන්නෙ නැත්නම් ජනතාවට මේ රටේ මුදල් ප‍්‍රතිපත්තිය මොකක්ද කියන එක හෙළිදරව් කරන්නේ නැත්නම් එතුමාගෙන් යන සිග්නල් එකක් තමයි මහ බැංකුවේ නිලධාරීන්ට කෝප් වාර්තාවට පවා යන්න අවශ්‍ය නැහැ කියන්නේ. ඒක ඉතා භයානකයි. මෙහෙම මීට පෙර රටේ වෙලා නෑ. මම දන්නේ නැහැ කැබිනට් ඇමැති කෙනෙක් නිසාද දන්නේ නැහැ ඕවට යන්න ඕනෙ නැහැ කියන එක ගැන. හැබැයි මේ රටේ නීතිය බැලූවම පාර්ලිමේන්තුවට තමයි බලය තියෙන්නෙ මුදල් පිළිබඳව කටයුතු කරන්න. පාර්ලිමේන්තුව හරහා සියලූම ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ දේශපාලන නායකයො එකතු කරගෙන මේ රටේ තියෙන දැවැන්ත ප‍්‍රශ්නවලට විසඳුම් හොයන්න සියලූ දෙනාට ආරාධනා කරනවා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment