බෑන්කි මූන් ළඟ ළඟ එයි

120

ශ්‍රී ලංකාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් සහ වත්මන් දකුණු කොරියාවේ රාජ්‍ය ආයතනයක් වන ගෝලීය හරිත වර්ධන ආයතනයේ සභාපති බැන්කි මූන් මහතා පෙබරවාරි මස 06 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයකට අනුව ඒ මහතා මෙරටට පැමිණෙන බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

බැන්කි මූන් මහතා මෙරටට පැමිණීමෙන් පසු තිරසාර සංවර්ධනයට අදාළව සහ දේශගුණික විපර්යාසවලට අදාළව ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමට නියමිතය.

එහිදී ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට යෝජිත දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය සම්බන්ධව ගිවිසුම් අත්සන් කිරීමට ද නියමිතය.

එම ගිවිසුමට අනුව දකුණු කොරියාව සමග මෙම විශ්වවිද්‍යාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ඇත.

බැන්කි මූන් මහතා පෙබරවාරි 07 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ද නියමිත බව රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment