බෑ කියන තුන්දෙනාට එරෙහි පැමිණිලි මා ළග තියෙනවා

790

තමා සමග වැඩ කිරීමට නොහැකි බව පවසා ඇති කොමසාරිස්වරුන් තිදෙනාට එරෙහිව කොමිසමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය.

අත්සන් කර ලබාදුන් පැමිණිලි ලේඛනයන් තමා සතුව ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනි විශ්‍රාමික විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසුවාය.

තමා කොමිසමේ රාජකාරි සිදුකරන්නේ පක්‍ෂ භේදයකින් තොරව බවත් කොමිසමේ කීර්ති නාමය ආරක්‍ෂා කරගෙන කටයුතු කරගෙන යෑම තම අපේක්‍ෂාව බවත් ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කීර්ති නාමය නැති කිරීමට කිසිවකුටත් ඉඩ නොතබන බවද සභාපතිනිය වැඩිදුරටත් පැවසුවාය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment