බිංගෙය තුළ සිටි පාසැල් පෙම්වතුන් 22ක් මාට්ටු

719


ගම්පොළ නගරයේ පිහිටි දුම්රිය බිංගෙය තුළ හා නිදහස් මාවතේ රැඳී සිටි පාසැල් පෙම්වතුන් විසි දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන එම මොහොතේම ගම්පොල බස් නැවතුමේ සිටිමින් අනාචාරයේ හැසිරෙන කාන්තාවන් සිව් දෙනෙකු ද ගම්පොල පොලිසිය ඊයේ (23) සවසඅත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 12 සිට 17 දක්වා වූ මෙම පාසැල් පෙම්වතුන් හා පෙම්වතියන් උපකාර පන්තිවලට යන මුවාවෙන් පැමිණ මෙසේ තැන් තැන් වල අසෝබන අයුරින් හැසිරෙන පිරිස් බව බුද්ධි තොරතුරු වලින් අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කරන්නේය.

පසුගිය දිනවල දී ගම්පොළ පිහිටි මෙම දුම්රිය බිංගය තුළ තරුණියක් හා තරුණ භික්ෂූන් වහන්සේ නමක් සිටින අයුරු සමාජ මාධ්‍ය වල පළ වීමත් ඒපිළිබඳව විවේචනය එල්ල වීමත් සමග ගම්පොල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා විසින් විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා මෙවැනි තැන් නිරීක්ෂණයන් සිදුකර තිබුණි.

මෙම සියලු පෙම්වතුන් පොලිසිය වෙත රැගෙන විත් ඔවුන්ගේ දෙමවුපියන් කැඳවා දැඩි ලෙස අවවාද කර එම ළමුන් දෙමව්පියන්ට භාරදීමට පියවර ගනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment