බිංදුසිරි ආවේ කුසුම්සිරිගේ අඩුව පුරවන්නද?

472

වේදිකාවට අසීමිත ලෙස පෙම්බැඳි ධර්මප‍්‍රිය ඩයස් දක්ෂ වේදිකා නාට්‍ය ශිල්පියෙකි. සිය අසහාය රංගන කෞෂල්‍යය වේදිකාවට පමණක් සීමා නොකළ මොහු මේ වනවිට සිනමාවට මෙන්ම පුංචි තිරයටද නුහුරු චරිතයක් නොවේ. ගැඹුරු සහ ශක්තිමත් හඬ පෞරුෂය නිසාම වෘත්තීයමය හඬ කැවීම් ශිල්පියෙකු ලෙසත්” එයින් නොනැවතී ගුරුවරයකු ලෙසත් කටයුතු කරන ධර්මප‍්‍රිය පිළිබඳව වන කතා බහ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ බිංදුසිරි ගේ ආගමනයත් සමඟ අලූත් විය. මෙවර මීවිත පිළිසඳරට අපි ඔහුට ආරාධනා කළෙමු.

 නාඩගම්කාරයොත් එක්ක එකතු වෙලා නටන්න හදන අලූත් නාඩගම මොකක්ද?

 නාඩගම්කාරයෝ කියන්නේ මම පුද්ගලිකව බොහොම කැමැත්තෙන් නරඹපු ටෙලි නාට්‍යයක්. මම මලයාලම් තෙළිඟු වගේ චිත‍්‍රපටි ඉතාමත් කැමැත්තෙන් රස විඳිනවා. එතකොට මට දැනෙනවා ඒවා අපේ මිනිස්සුන්ගේ ජීවිත ගැන ලියැවුණු කතා කියලා. ඒ වගේම අපට සමීප කතා කියලා.නාඩගම්කාරයෝ ගැන මට දැනුණේත් ඒ වගේ සමීප හැඟීමක්. මම බොහොම කැමැත්තෙන් රස විඳපු ටෙලිනාට්‍යයක චරිතයක් කිරීමට ලැබීම වාසනාවක්. මට පුළුවන් උපරිමයෙන් නාඩගම්කාරයෝ වෙනුවෙන් සාධාරණයක් කරන්න මම උත්සාහ කරනවා.

 බිංදුසිරි ආවේ කුසුම්සිරි නැති අඩුව පුරවන්නද?

 මම කැමැත්තෙන් රසවිඳපු නාට්‍යයේ එක්තරා චරිතයකට මට ආරාධනා ලැබෙනවා. මේ මගේ සහෝදරයා නැති අඩුව පුරවන්න ආව ගමනක් නෙමෙයි. පිටපත් රචකයා සහ අධ්‍යක්ෂකවරයා තමයි නාට්‍යයේ චරිත ගැන තීරණය කරන්නේ. මට ලැබුණු චරිතය හරියටම කරන්න මම උත්සාහා කරනවා. ඉදිරියේදී කුසුම්සිරිත් බිංදුසිරිත් එකතු වෙලා අමුතු නාඩගමක් නටයි.

 බිංදුසිරිගේ චරිතයට ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?

 බිංදුසිරි කියන්නෙත් ඉතින් ටිකක් වලියට බර චරිතයක්නේ. මම බයෙන් ඉන්නේ ඒ චරිතය පේ‍්‍රක්ෂකයාට දැනෙන්නේ නැති වෙයි කියලා. ඒ වුණාට චරිතයට හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. මම නාට්‍යයට සම්බන්ධ වුණේ අලූතෙන් වුණත් රංගන ශිල්පීන් ශිල්පිණියන් සියලූ දෙනා වගේම නාඩගම්කාරයෝ නාට්‍ය කණ්ඩායමත් මගේ චරිතය උපරිමයෙන් කරන්න උදව් කරනවා. ඒ සියලූ දෙනාටත් බිංදුසිරි චරිතය ආදරයෙන් වැළඳ ගත්තු පේ‍්‍රක්ෂකයන්ටත් ස්තුතිවන්ත වෙනවා.

 නැවත දඩබ්බර චරිතයකට ආරාධනා ලැබුණේ නැද්ද?

 මට ලැබෙන චරිත වලින් බොහෝමයක් ටිකක් දරදඬු චරිත තමයි. ඉතින් ඊට පස්සේ නාට්‍යයේ ජයදේව” දෙවෙනි ඉනිමේ ආනන්ද වැනි දඩබ්බර චරිත මට ලැබිලා තියෙනවාි හැබැයි මම කැමැත්තෙන් ඒ චරිත වල රඟපානවා. දරදඬු චරිත ඇතුළෙත් අහිංසක මිනිස්සු ජීවත් වෙනවා. කොහොම වුණත් අලූත් නිර්මාණ කිහිපයටම ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදී ඒ නිර්මාණ රූගත කිරීම් ආරම්භ කරාවි.

බිංදුසිරි ආවේ කුසුම්සිරිගේ අඩුව පුරවන්නද?



 දැන් සිනමාවට ලැබෙන ආරාධනා භාර ගන්නේ නැද්ද?

 මම සිනමා නිර්මාණ විශාල ප‍්‍රමාණයක රඟපාලා නෑ.මචං” අසන්ධිමිත්තා” ජදකදපඉද වගේ චිත‍්‍රපට කිහිපයක රඟපාලා තියෙනවා. ජදකදපඉද චිත‍්‍රපටයේ අධ්‍යක්ෂවරයාගේම අලූත් නිර්මාණයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒක දෙසැම්බර් මාසයේ රූගත කිරීම් ආරම්භ කරනවාිඊට අමතරව තවත් චිත‍්‍රපට කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවාි

 වේදිකානාට්‍ය අධ්‍යක්ෂණය ගැන තිබුණ උවමනාව නැති වෙලා ගිහින්ද?

 මම මේ වෙද්දී වේදිකා නාට්‍ය තුනක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. කොවිඞ් නිසා වේදිකා නාට්‍යයක රඟපාන්නවත් අවස්ථාවක් ලැබුණේ නෑ.ඒ වුණාට වේදිකා නාට්‍ය ගැන තියෙන කැමැත්ත අඩු වෙලා නෑ. කොහොම වුණත් චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න මට ලොකු බලාපොරොත්තුවක් තියනවා. ඒ වෙනුවෙන් මේ දවස් වල වැඩ කටයුතු කරමින් ඉන්නවා. ඒ අතරතුර වේදිකානාට්‍ය රඟපෑම ගැනත් අධ්‍යක්ෂණය ගැනත් නැවතත් අවධානය යොමු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 ධර්මප‍්‍රිය වැඩියෙන් කැමති වේදිකාවට ද?

 මම අදටත් වැඩියෙන්ම කැමති සිනමාවට. ඒ වගේම අධ්‍යක්ෂණයට. නමුත් මගේ ජීවිතේ වැඩිපුරම ගෙවලා තියෙන්නේ වේදිකාව උඩ. රඟහලවල. වේදිකා නාට්‍ය කියන්නේ ටෙලි නාට්‍යයට” සිනමාවට වඩා වෙනස්. වේදිකා නාට්‍ය පවතිනතාක් නළු නිළියන් සජීවීව ඒ සමඟ රැුඳී සිටිය යුතුයි. පුහුණු කිරීම් කළ යුතුයි. ඒ නිසා මේ වෙද්දි වැඩි කාලයක් මම වේදිකා නිර්මාණ වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. නමුත් මම වැඩියෙන්ම කැමැති අධ්‍යක්ෂණයට නිසා ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී වැඩි අවධානයක් දෙන්න බලාපොරොත්තු වෙනවා.

 රැුල්ලක් ලෙසින් නිර්මාණය වන මෙගා ටෙලි නාට්‍ය බොහෝ දෙනෙකුගේ දෝෂ දර්ශනයට ලක් වෙනවා නේද?

 මෙගා ටෙලිනාට්‍ය කෙරෙනවා නම් මම ගොඩක් කැමතියි. ප‍්‍රශ්නේ තියෙන්නේ මෙගා කියලා හඳුන්වන නමයි ලංකාවේ මෙගා කියලා කරන ටෙලිනාට්‍යයි වෙනස්. මෙගා නම් හැමදේම මෙගා විය යුතුයිිනළු නිළියන්ට ගෙවන මුදල පවා මෙගා විය යුතුයි. කොටින්ම කියනවා නම් කර්මාන්තයක් විදියට කරලා වෘත්තීය මට්ටමෙන් රැුකෙන්න පුළුවන් නිර්මාණ විය යුතුයි. ඒ වගේ සැබෑ මෙගා නාට්‍ය නිර්මාණය වෙනවානම් හැමදෙනාම සතුටු වෙයි. සියලූ දෙනාම සතුටින් වැඩ කරන තැනක ලස්සන කල් පවතින මෙගා නාට්‍ය නිර්මාණය වෙයි.

 මේ වෙද්දී ලංකාවේ කලාව ගැන මොනවද හිතෙන්නේ?

 කොවිඞ් නිසා හැම අංශයක්ම කඩාගෙන වැටුණා. කලාවත් එහෙමයි. සිනමාව” ටෙලිනාට්‍ය” වේදිකාව නව මාධ්‍යයන් මේ හැම එකක්ම පසුබෑමකට ලක්වුණා. යළිත් මේ රටේ කලාව ගොඩනංවන්න නම් රඟහලවල් නිර්මාණ වලට සුදුසු ලෙසින් නිර්මාණය කළ යුතුයි. සිනමා ශාලා පහසුකම් සහිතව වැඩි වැඩියෙන් ඉදිවිය යුතුයි. නිර්මාණකරුවන්” කලාකරුවන් ආරක්ෂා වන වැඩපිළිවෙළක් සැකසිය යුතුයි. නව නිර්මාණ ජනතාව අතරට ගෙන යා හැකි වගේම කල්පවත්වා ගත හැකි ක‍්‍රමවේද සකස් විය යුතුයි. විශේෂම කාරණය නව නිර්මාණකරුවන් බිහිකිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් විය යුතුයි.

 නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment