බිග්බොස් ගිය යොහානි

179

යොහානි කියන්නේ මේ දවස්වල ඉන්ටර්නැෂනල් හිට් එකක්. පහුගිය දවස්වල ඇය ඉන්දියාවේ ප‍්‍රසංග කිහිපයකටම සම්බන්ධ වුණා. එහිදී ශ්‍රී ලංකාවෙන් ඉන්දියානු සිනමාව ජයගත්තු ජැකලීන්ව මුණගැහුණා වගේම තවත් සුපිරි තරු කිහිපයක්ම හමුවෙලා තිබුණා. සමහරු අපේ යොහානි වෙනුවෙන් තෑගි පවා ලබා දුන්නා. හැබැයි හො`දම කාරණාව තමයි ඇයට සල්මන් ඛාන් එක්ක එකම වේදිකාවක ගී ගයන්න ලැබීම. ඒක වුණේ කලර්ස් නාලිකාවේ විකාශය වන ජනප‍්‍රිය රියැලිටි වැඩසටහනක් වන බිග් බොස් වැඩසටහන ඇතුලේදී.

 මෙහිදී යොහානි මැණිකේ ගීතය හරි අපූරුවට ගායනා කළා. ඒ වගේම සල්මන් ඛාන්ට ඒ ගීතය උගන්වන්නත් ඇයට අවස්ථාව ලැබුණා. ඒක හරි අපූරු අවස්ථාවක්. සල්මන් වැරදි වැරදි සිංහල කියවනකොට ඒක හැමෝටම ලොකු විනෝදයක් වුණා. යොහානිව එහිදී හැඳින්වූයේ ඉන්ටර්නැෂනල් අයිකන් එකක් විදිහටයි. ඇය මෙම වැඩසටහනේදී සල්මන් වෙනුවෙන්

 ඔහුගේ චිත‍්‍රපටයක ජනප‍්‍රිය ගීතයක් වන ඕ ඕ ජානෙ ජානා ගීතයත් ගිටාරය වාදනය කරමින් ගායනා කළා. බිග් බොස් වැඩසටහනට යන්න ගොඩක් අය හීන දකිනවා. ආරාධිත අමුත්තෙක් විදිහට හරි ඒ වගේ තැනකට යන්න ලැබුණු එක යොහානි ලබපු ලොකු ජයග‍්‍රහණයක්.

advertistmentadvertistment
advertistmentadvertistment