බිත්තර ආනයනය පමාවේ

139


ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කිරීමට නියමිතව ඇති බිත්තර ආනයනය කර නොමැත.මේ සම්බන්ධව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙක් පැවසූවේ ආනයනය කරනු ලබන බිත්තර අවස්ථා කිහිපයක දී පරීක්ෂණ සිදුකිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවය. එම පරීක්ෂණ සිදුකරන ක්‍රමවේදය හේතුවෙන් බිත්තර ආනයනය කිරීමේ යම් ප්‍රමාදයක් සිදුව ඇතැයි ද පවසයි.
පශු සම්පත් දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇති නිර්දේශවලට අනුව ආනයනය කරනු ලබන බිත්තර රාසායනාගාර පරීක්ෂාවකට ලක් කරන අතර එම පරීක්ෂණ වාර්තාව ඉදිරිදින කිහිපය තුළ ලැබීමට නියමිතව තිබේ.
එම වාර්තාව ලැබුණු විගස බිත්තර ආනයනය කිරිම සිදුකරන අතර අදාළ බිත්තර තොගය ගොඩබැමට පෙර සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ද විශේෂ පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිතය.
බිත්තර මිලියන 2ක් මෙලෙස ඉන්දියාවේ සිට ආනයනය කිරීමට සැලසුම් කර තිබේ.
බිත්තර ආනයනය කිරීම තුළින් කුරුළු උණ වැනි රෝග තත්ත්වයන් රට තුළට ඇතුළු වීමේ අවදානමක් නොමැති බව ද රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment