බිත්තර කුකුළු මස් ඇතුළු වර්ග 33ක් ආනයනයටත් අවසර

322

තිරිඟු පිටි, බිත්තර, පරිප්පු, කුකුළු මස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 33කට අදාළව නිෂ්පාදනය, ආනයනය සහ අලෙවියට කොන්දේසි සහිතව අවස්ථාව ලබාදෙමින් පාරිභෝගික කටයුතු අධිකාරිය පෙරේදා (30දා) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ යටතේ පාරිභෝගිකයකු ඉල්ලුම් කරන ලද භාණ්ඩයක් සාධාරණ කාලසීමාවක් යටතේ නොපමාව සැපයිය යුතු අතර ප්‍රමාණවත් අමුද්‍රව්‍ය ප්‍රමාණයක් සන්තකයේ තබාගත යුතු බවට ද ගැසට් නිවේදනයේ කොන්දේසි පනවා ඇත.
එමෙන්ම භාණ්ඩයක් අලෙවි කරන සෑම අවස්ථාවකම එම භාණ්ඩයේ කුවිතාන්සිය (බිල) පාරිභෝගිකයාට ලබාදී එහි පිටපතක් වෙළෙඳසලේ තබාගන්නා ලෙස ද එම නිවේදනයේ සඳහන් කර තිබේ.
නිෂ්පාදනය, ආනයනය සහ අලෙවියට අදාළව අවසර ලබාදී ඇත්තේ කෘෂි රසායන ද්‍රව්‍ය, මෝටර් රථ අමතර කොටස්, ලොකු ලූනු සහ රතු ලූනු, බෝතල් කළ පානීය ජලය, ටින් මාළු, සිමෙන්ති, කඩල, කුකුළු මස්, කොත්තමල්ලි, පරිප්පු, ළදරු නැපි සහ සනීපාරක්‍ෂක තුවා, වියළි මිරිස්, කරවල, වියළි හාල්මැස්සන්, ආහාරයට ගන්නා තෙල්, ආහාරයට ගන්නා ලූනු, බිත්තර, පොහොර (කාබනික හෝ රසායනික) සුදු ලූනු, මුංඇට, එල්පී ගෑස්, බඩඉරිඟු, වෛi උපකරණ සහ උපාංග, කිරිපිටි/නැව්ම් කිරි/ළදරු කිරිපිටි, වී, අර්තාපල්, සහල්, ඉදිකිරීම් කර්මාන්තය සඳහා යොදා ගන්නා වැලි, ගඩොල් සහ මැටල්, වානේ සහ යකඩ දඬු, සීනි (රතු සහ සුදු) ටයර් සහ ටියුබ්, කහ, තිරිඟු පිටි යන භාණ්ඩ සඳහාය.

චමින්ද සිලවා – ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment