බිත්තර – කුකුළු මස්  මිල අහසට

427

වෙළෙඳ පොළේ බිත්තර, කුකුළු මස් මිල තවත් ඉහළ නැඟ ඇතැයි පාරිභෝගික ජනතාව පවසති.

රුපියල් 17 ත් 20 ත් අතර මිලකට තිබූ බිත්තරයක් මේ වනවිට රුපියල් 45 ත් 50 ත් අතර මිලකට අලෙවි වන බව ද ඔවූහු කියා සිටිති.

එසේම කුකුළු මස් කිලෝවක් රුපියල් 1150 ත් 1200 ත් අතර මිලකට අලෙවි වන බව ද, එමෙන්ම සුපිරි වෙළෙඳසල්වල බිත්තර දහයේ ඇසුරුමක් රුපියල් 460 ත් 480 ත් අතර මිලකට අලෙවි වන බව ද පැවසේ.

කුකුළු කෑම මිල ඉහළ යෑම බිත්තර සහ කුකුළු මස් මිල ඉහළ යෑමට හේතු වී ඇතැයි නිෂ්පාදකයෝ සඳහන් කරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment