බිත්තර ගැන ජනපති ඇස

135


බිත්තර ආනයනය කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා නොදෙන පාර්ශවයන් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් එළැඹෙන සතියේ කැබිනට් මණ්ඩලයට ලබාදෙන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියම කර තිබේ.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

ඉදිරි උත්සව සමයේදී සාමාන්‍ය ඉල්ලුමට වඩා ඉහළ ඉල්ලුමක් බිත්තර සඳහා ඇති වන අතර රට තුළ එයට සරිලන නිෂ්පාදනයක් නොමැතිනම් එම හිඟය පියවීමට අවශ්‍ය බිත්තර ප්‍රමාණය ආනයනය කළ යුතුය යන්න කැබිනට් මණ්ඩලයේ අදහසවන බවද අමාත්‍යවරයා පැවසීය.බිත්තර අපනයනය කරන රටවල් තියෙනවා. ඉන්දියාව තමයි ප්‍රධාන බිත්තර අපනයනකරු. ලෝකයේ වෙනත් රටවලට යවන එකක් අපේ රටට ගෙන්නන්න බෑ කියලා කවුරුහරි තීරණය කරනවා නම් ඒ තීරණය සඳහා සාධාරණ හේතු දක්වන්න ඕනේ යැයිද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment