බිත්තර ගැසට්ටුව  රිවස් කරන්න එපා! – පාර්ශ්ව රැසක් පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලති

131

බිත්තර සඳහා පාලන මිලක් පනවමින් නිකුත් කළ  ගැසට්ටුව හකුලා නොගන්නා ලෙස සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඊයේ (22 දා) පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා සිටියහ.

වෙළෙඳපොළේ බිත්තර මිල පාලනය කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කිරීම මෙන්ම ඒ පිළිබඳව පසු විපරම් කරමින් නියම කළ මිලට බිත්තර අලෙවි කරනවාද සොයා බැලීම ද අධිකාරියේ වගකීම බව ඔවුහු පවසති.

මේ පිළිබඳව අදහස් දක්වමින් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා මෙසේ පැවසීය.

“පාරිභෝගික අධිකාරිය ගත් මේ තීරණය ඉතාමත් හොඳයි. බිත්තර නිෂ්පාදකයෝ අද මේ පිළිබඳව අනියම් ආකාරයෙන් නොයෙකුත් තර්ජන ගර්ජන ඉදිරිපත් කර තියෙනවා. හිටපු ජනපති සහල් වෙනුවෙන් ගහපු ගැසට් 13 ම රිවස් කළා. ඒ නිසා අපි ජනපතිට සහ ඇමැතිට කියනවා පාරිභෝගිකයා ගැන සිතා මේ ගැසට්ටුව ඉවත් නොකරන ලෙස. බිත්තර නිෂ්පාදකයන් දැන් බිත්තර සඟවා පාරිභෝගිකයා අපහසුතාවට ලක් කරමින් සිටිනවා.

මේ අතර බිත්තර නිෂ්පාදකයෝ සිය ගැටලුවලට විසඳුම් ඉල්ලා ඊයේ (22 දා) අගමැතිවරයාට ලිපියක් භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත මෙසේ කියා සිටියහ.

“බිත්තර ප්‍රවාහනය කරලා පාරිභෝගිකයන් අතට පත් කිරීම වෙනුවෙන් අපට මීට වඩා මිලක් වැය වෙනවා. මේ ව්‍යාපාරය ගොවියාටත් ව්‍යාපාරිකයාටත් ගෙන යා නොහැකියි. ඒ නිසා බිත්තර ව්‍යාපාරය පවත්වාගෙන යෑමට රජය මැදිහත් විය යුතුයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment