බිත්තර ටෙන්ඩරයට ආනයනකරුවෝ 20 ක්

138

බිත්තර ආනයනය කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ටෙන්ඩරයට ආනයනකරුවන් 20 දෙනකු මිල ගණන් ඉදිරිපත් කර ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

ටෙන්ඩරය සඳහා මිල ගණන් කැඳවීම ඊයේ (9 දා) සවස අවසන් කළ අතර පසුව එම මිල ගණන් අවසන් අනුමැතිය ලබා ගැනීමට අමාත්‍යාංශයේ තාක්‍ෂණික කමිටුවට යොමු කිරීමට නියමිතය.

මිල ගණන් ඉදිරිපත් කර ඇති බහුතරය ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරන්නන් වන අතර සියලු ආනයනකරුවන් ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිති සහතික ද ඉදිරිපත් කර ඇතැයි අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment