බිත්තර දිනය සමරද්දී අපේ අම්මලා දරුවන්ට බිත්තරයක් දෙන්න බැරිව හූල්ලති

109

ඊයේ දිනට (14) යෙදී තිබූ ජාත්‍යන්තර බිත්තර දිනය සමරමින් රට පුරා වැඩසටහන් පැවැත්වුවද අද පවතින මිල ගණන් මත බිත්තරයක්වත් ආහාර වේලට සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ළමා මන්දපෝෂණය වර්ධනය වෙමින් පවතින බව ජනතාව පවසති. ළමුන්ට මෙන්ම ගැබිනි මාතාවන්ට ඉතා අඩු මිලට පෝෂදායි ආහාරයක් ලෙස සපයා ගැනීමට හැකි වූ බිත්තරය අද සුපිරි ගණයේ ආහාරයක් බවට පත් වී හමාරය.

මේ සම්බන්ධ ජනතාව දක්වන අදහස් නොසලකා හැරිය නොහැක.

චමින්ද සමරවීර,

අද අපේ රටේ ඉස්කෝල දරුවෝ ක්ලාන්තේ දාලා ඇදගෙන වැටෙන තත්ත්වයක් උදා වෙලා. අපි පුවත්පත්වල දැක්කා මහ ලොකු උජාරුවට ජාත්‍යන්තර බිත්තර දිනය සමරමින් විවිධ වැඩසටහන් සංවිධානය කර තියෙනවා. ළමයකුට බිත්තරයක් දීගන්න බැරි පවුල් කීයක් මේ රටේ අද ඉන්නවද? බිත්තරයක මිල කීයද? ශ්‍රී ලංකාවේ අඩුම මිලට ගන්න තිබුණු පෝෂ්‍යදායක ආහාරයකට ගිය කලක්. බිත්තරයක් රු. පනහයි, හැටයි. මාළු කිලෝව, මස් කිලෝව රු. දහස් ගණනින් ඉහළ ගිහිල්ලා. අද පෝෂ්‍යදායි ආහාර වේලක් දුප්පත් පවුලකට කන්න පුලුවන්ද? දැනටම අපේ රට ඉතියෝපියාවක් බවට පත්වෙලා. අද ඉතියෝපියාව හොඳ තත්ත්වෙක ඉන්නවා. මේ තත්ත්තවය ඉතා ඉක්මනින් වෙනස් නොකොළොත් ළමා මන්දපෝෂණය ඉතා ඉහළම මට්ටමකට සීඝ්‍රයෙන් යෑම වළක්වා ගන්න බැරි වේවි.

ශිරන්ති මංජුලා,

අද අපේ පොඩි ළමයකුට බිත්තරයක් කන්න දෙන්න විදිහක් නැහැ. එදා අපි ගෙදර උයන්න හදිස්සියිට මුකුත් නැති වෙලාවට කඩේට දුවලා ගෙනාවෙ බිත්තරයක්. දැන් අඩු ගානේ බිත්තරත් ගෙනල්ලා ඒකෙන් බාගයක් වත් කන්න දෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ.

තිලකාවතී,

අද ළමයි දෙන්නා තුන්දෙනා ඉන්න පවුල්වල ජීවිත ගෙවන හැටිදන්නේ පීඩාවට පත්වෙලා ඉන්න අය විතරයි. අපි කන්න දෙයක් නැති වුණාම බිත්තරයි බතුයි දීලා හරි ළමයි ගේ පෝෂණය ලබා දෙන්න කටයුතු කළා. දැන් ළමයින්ගෙ පෝෂණයට කන්න දෙන්න තියෙන්නේ මොනවද?

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment