බිත්තර නිෂ්පාදන ද්‍රව්‍ය මිල අහස උසට: කර්මාන්තය තවදුරටත් කරන්න බෑ

118

විශාල ව්‍යාපාරිකයන්ගේ ණය බොල් ණය ලෙස කපා හැරලා

රටේ උද්ගතව ඇති තත්ත්වය මත අති විශාල ව්‍යාපාරිකයන්ගේ ණය කපා හැර බොල් ණය ගණයට ඇතුළත් කර ඇතත්, තමන් පවසන්නේ තම සාමාජිකයන්ගේ ණය වාරික මේ මොහොතේ පටන් ගෙවා නොදමන බවයි.

විශාල ව්‍යාපාරිකයන්ගේ ණය බොල් ණය තත්ත්වයෙන් කපාහැර ඇතත්, තමා ඇතුළු තම සාමාජිකයන් පවත්නා තත්ත්වය පහවගොස් රට යථා තත්ත්වයට පත්ව ව්‍යාපාර සුපුරුදු පරිදි කරගත හැකි වූ දිනක ණය වාරික ගෙවීම යළි ආරම්භ කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසීය.

බිත්තර නිෂ්පාදන ද්‍රව්‍ය අධික ලෙස මිළ ඉහළ ගිහින්. තම කර්මාන්තය කරගත නොහැකි තත්ත්වයකට පත්වෙලා. බැංකු ණය ගෙවා දැමීමට නොහැකි බවත් රටේ පවත්නා අර්බුදකාරී තත්ත්වය පහව ගිය දිනක ණය මුදල් ගෙවාදමන බවත් කියමින් ඒ මහතා හෙට්ටිපොල දිලක්‍ෂා හෝටලයේදී පදුගිය 20දා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් පැවසීය.

ඔවුන් වැඩිදුරටත් පැවසූයේ, මෙතෙක් පැවති විවිධ රජයන් ණය ගෙන ඇති අතර මේ වනවිටත් ඒවා නොගෙවා ඇති පසුබිමක සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් වන තම සංගමයේ පිරිස වාරික දෙකක ගෙවීමක් අතපසු වුවහොත් දේපළ පවා සින්න කරගන්නා තත්වයක් පවතින බවයි.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක, අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයන් වූ වසන්ත උදයසිරි, ආනන්ද තිස්ස යන මහත්වරුන් සහභාගී වූහ.

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment