බිනරමලී  නික්ම යයි

555

‘බිනරමලී’ චිත්‍රපටයේ ‘බිනරි’ ගේ චරිතය රඟපාමින් 1970 දක්‍ෂතම නිළියට හිමි සම්මානයට පාත්‍ර වූ සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයක මතකය රැන්දූ ස්වර්ණා කහවිට ඊයේ ජීවිත රඟමඬලට සදහටම සමුදුන්නාය. කොළඹ කොටහේනේදී ස්වර්ණා ඇල්ෆ්‍රඩ් කහවිට හා ඇඩ්ලින් කහවිට යුවළට දාව උපන් ස්වර්ණ කොටහේන මධ්‍ය විiාලයේ හා කොළඹ බෞද්ධ කාන්තා විiාලයේ ආදි ශිෂ්‍යාවකි. ප්‍රවීණ චිත්‍රපට කතා රචකයකු මෙන්ම සිනමා මාධ්‍යවේදියකු ද වූ දිවංගත ආරියරත්න කහවිට ඇගේ වැඩිමහල් සොහොයුරාය. රහස් දූපත (1967) රෑන ගිරව්, පූජකයෝ, රන් ඔන්චිල්ලා, අබිරහස, ඔන්න බබෝ බිල්ලෝ එනවා, සිරිල් මල්ලි, හොඳයි නරකයි, සූරයා සූරයාමයි. උන්නත් දාහයි මළත් දාහයි, හරිම බඩු තුනක්, දයාබර නිලු දක්වා චිත්‍රපට රාශියක ඇය මතක හිටින රැඟුම් පෑවාය. ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ,  වික්‍රම බෝගොඩ ඇතුළු සිනමාවේ යුග කිහිපයක  රංගධරයන් සමග චරිත ඇය සිනමා තිරය තුළ ජීවමාන කළාය. ඇයට නිවන් සුව පතමු. (මේ ඇය පිළිබඳ මතක අතීත දසුන් පෙළකි)

බිනරමලී  නික්ම යයි
බිනරමලී  නික්ම යයි
බිනරමලී  නික්ම යයි
advertistmentadvertistment
advertistmentadvertistment