බිනර පෝය වැදගත් ඇයි?

367

වස්සාන කාලයේ තෙවන මාසය වන සැප්තැම්බර් මාසයට අයත් පුන් පෝය බිනර පෝය නමින් හැඳින්වේ. ඇසළ පෝයෙන් ඇරඹුණු වස් සමාදානය කඩ නොකොට රැකගෙන පෙරට ගමන් කරන භික්‍ෂුව බුදුපියාණන්ගේ අනුශාසනා අනුව යමින් තවදුරටත් ධර්මයේ හැසිරෙයි. ධර්මයම පිහිට කරගෙන වාසය කරයි. භික්‍ෂුව සිය අභ්‍යන්තර පාරිශුද්ධිය රැක ගැනීමෙන් ශීල විශුද්ධිය ද, බණ භාවනා ආදියෙහි යෙදීමෙන් සිත වැඩීමට උත්සුක වෙමින් ලබන මානසික දියුණුව තුළින් චිත්ත විශුද්ධිය ද ළඟාකර ගැනීමට සමත් වේ.

භික්‍ෂුවකගේ පාරිශුද්ධත්වය කෙබඳු ආකාර විය යුතුදැයි යන්න හෙළි කරන දේශනාවක් ලෙස අරියවංශ දේශනාව හඳුන්වා දිය හැකිය. බුදුපියාණන් විසින් අපේක්‍ෂිත හා අනුමත කරන ලද පිවිතුරු භික්‍ෂූත්වය වෙනුවෙන් තවදුරටත් කැපවී කටයුතු කරන භික්‍ෂුව සිය ශාස්තෲන් වහන්සේගේ ප්‍රශංසාවට ලක් වුණු ආකාරයට සුබර දිවි පැවැත්මක් ගෙනයෑමට බැඳී සිටි. පෙර රජදරුවන් විසින් ඉතා ගෞරවනී අන්දමින් ආරියවංශ දේශනාවන් පැවැත්වීමට අවශ්‍ය වූ රාජ අනුග්‍රහය එදා නොපිරිහෙළා ලබා දුන්නේ එම සිල්වත් ගුණවත් භික්‍ෂුන්ට කරන උපහාරයක් ලෙසිනි.

බුදුරදුන් ජීවමානව වැඩ සිටිද්දී වස් සමයෙහි ධර්ම චාරිකාවලින් වැළකී ආරාමයෙහිම වැඩ සිටි බැවින් නොයෙක් බුද්ධිමත්හු විවාදාපන්නව වෙනත් සමයයන් ගත් පඬිවරු බුදුන් හමුවට පැමිණියහ. වර්තමානයෙහි ද අප යතිවරයන් වහන්සේ පිළිවෙළ නොසිඳ තමන් හමුවට පැමිණෙන දහසක් දායක දායිකාවන්ගේ දහම පිළිබඳ ගැට මුසු තැන් නිරාකරණය කර දෙමින් තමනුත් නිවි සැනසී අනුන්ටත් නිවී සැසෙන්නට මඟ කියා දෙමින් සිටිති.

බිනර මස ශාසන ඉතිහාසයේ වැදගත් වන්නේ මෙහෙණි සස්න ඇරඹු පෝය දිනය නිසයි. කමටහනට යොමුවන භික්‍ෂූන් ඇසුර බිනර මාසයේදී වඩාත් සමීපව ලැබේ.

ආචාර්ය එච්. ජේ. පී. අභයවර්ධන
(පෝය උදාන ගීතක්‍ද්ජලී ග්‍රන්ථයෙනි)

advertistmentadvertistment
advertistmentadvertistment