බිනුර වෙනුවට අසිතට අවසර

330

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එක්ව සිට ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු වෙනුවට ඊයේ ඔස්ට්‍රේ‍ලියාව බලා පැමිණි අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට එක් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය හිමි වී ඇත.

බිනර ප්‍රනාන්දු පසුගිය 25 වැනිදා ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයේදී පන්දු යවමින් සිටියදී ආබාධයට ලක්වූ අතර එම ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහු ආපසු හරවා ශ්‍රී ලංකාවට කැඳවීමට නියමිතය. බිනුර ප්‍රනාන්දු මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද මූලික සංචිතයට ඇතුළත් නොවූ අතර වේග පන්දු යවන්නන් ආබාධයට ලක්වීම හේතුවෙන් පසුව සංචිතයට එකතු කරන ලදී. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හතර දෙනකු මේ වන විට ආබාධ ලැයිස්තුවට ඇතුළත්ව සිටින අතර ඒ වෙනුවට අසිත ප්‍රනාන්දු සමඟ මතීෂ පතිරණ සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයෝ පෙරේදා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියහ.

 කසුන් රණවීර ඔස්ට්‍රේ‍ලියාවේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment