බිබිලෙන් විනෝද චාරිකාවක් ඇවිත්: 18 හැවිරිදි කාන්තා ජීවිත දෙකක් කිරින්දේ මුහුදට බිලි

732

රළ පාගමින් ඉඳලා

මොනරාගල බිබිල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක පැමිණ කිරින්ද මුහුදේ රළ පාගමින් සිටි 18 හැවිරිදි කාන්තාවන් දෙදෙනකු මුහුදු රළට හසුව ගසාගෙන ගොස් ඇතැයි කිරින්ද පොලිසිය පවසයි.

මෙලෙස මුහුදු රළට හසුව ගසාගෙන ගොස් ඇත්තේ වැලිපොතේයාය, මඩකලපු පාර, බිබිල ලිපිනයේ පදිංචි 18 හැවිරිදි රාජපක්ෂ එදිරිසිංහ දේවාලගේ සදනි ධනංජනි රාජපක්ෂ නමැති විවාහක කාන්තාවක හා කුඹුක්ගොල්ල, එගොඩගම, සීනිගොඩ, බිබිල යන ලිපිනයේ පදිංචි 18 හැවිරිදි කෙලින්හිටියාවේ ගෙදර ප්‍රබෝදිකා කෞෂල්‍යා නමැති විවාහක කාන්තාවකි.

මියගිය කාන්තාවන් දෙදෙනා පවුලේ ඥාතීන් පිරිසක් සමග බිබිල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක පැමිණ ඊයේ (09 වැනිදා) පෙරවරු 09.40ට පමණ කිරින්ද මුහුදේ රළ පෑගීමට ගොස් තිබේ. එහිදී රළ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව තිබේ. අතුරුදන් වූ කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයකුගේ සිරුරක් මඳ වේලාවකට පමණ පසු සොයාගෙන දෙබරවැව රෝහලට රැගෙන ගොස් ඇති අතර අතුරුදන් අනිත් කාන්තාවගේ සිරුර සොයා පරීක්ෂණ සිදුකරයි.

තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න මහතාගේ උපදෙස් පරිදි කිරින්ද පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

මත්තල – දිලීප් එන්. ජයසේකර, තිස්සමහාරාම – අමිල

advertistmentadvertistment
advertistmentadvertistment