බිම්ස්ටෙක් මහ ලේකම් ජනපති හමුවේ

104


බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ප‍්‍රවේශය (බිම්ස්ටෙක්) සංවිධානයේ මහ ලේකම් ටෙන්සින් ලෙක්ප්හෙල් මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.
පසුගිය වසරේ නොවැම්බර් 06 වන දින බිම්ස්ටෙක් මහ ලේකම් ලෙස පත් වූ ලෙක්ප්හෙල් මහතාගේ පළමු ශ‍්‍රී ලංකා සංචාරය මෙයයි.
2018 – 2020 කාලසීමාව සඳහා බිම්ස්ටෙක්හි සභාපතිත්වය ශ‍්‍රී ලංකාවට හිමි විය. එම කාලසීමාවේ දී ත් ආරම්භක සාමාජිකයෙකු ලෙසත්, බිමිස්ටෙක් සංවිධානය සඳහා ශ‍්‍රී ලංකාව දැක්වූ දායකත්වය මහ ලේකම් ටෙන්සින් ලෙක්ප්හෙල් මහතාගේ ඇගයීමට ලක් කෙරිණ.

advertistmentadvertistment
advertistmentadvertistment