බියගමින් ‘අයිස්’ ඡන්ද ප්‍රතිඵලයක්

441

බියගම ප්‍රාදේශීය සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්ස් 05 යි මිලි ග්‍රෑම්ස් 500 ක් සමග සපුගස්කන්ද පොලිසිය මගින් ඊයේ (02 වැනිදා) අලුයම මාකොළ රන්කෙත් යාය පාරේදී අත්අඩංගුවට ගන්නා ලදී.

මේ අතර ඊට පෙරදින (01 වැනිදා ) රාත්‍රියේ සපුගස්කන්ද ප්‍රදේශයේදීද තවත් පුද්ගලයකු අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම්ස් 05 යි මිලි ග්‍රෑම්ස් 550 ක් සමග පොලිස් භාරයට ගැනිණි. එහි දුෂණ මර්දන විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. සී.ටී වික්‍රමසිංහ මහතාට ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීම්වලදී මේ දෙදෙනා මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

අත්අඩංගුවට ගන්නා ලද මෙම දෙදෙනාම මාකොළ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. මේ වැටලීමට සපුගස්කන්ද පොලිස්

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඔසිත ලංකා ද සිල්වා මහතාගේ උපදෙස් අනුව දුෂණ මර්දන විමර්ශන අංශයේ

ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. සී. ටී.වික්‍රමසිංහ, අපරාධ විමර්ශන අංශයේ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මාලක ගමගේ, පො.කො. සංජීව (99261), රූපසිංහ (23456), සංකල්ප (101260), වික්‍රමරත්න (103415) හා පේමශාන්ත (102193) යන නිලධාරීහු සහභාගී වු අතර සැරයන් කුමාර මහතා (71453) විසින් සැකකරුවෝ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරගෙන යති.

දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment