බියගම කොරෝනා ශීඝ‍්‍රයෙන් පැතිරෙනවා… වැඩ අධිකයි: කෙටි පණිවිඩයකින් දැනුම් දෙන්න… පී.එච්.අයි.වරු ජනතාවගෙන් ඉල්ලති

204

බියගම සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොවිඞ් රෝගය බහුල ලෙස පැතිර යෑම හේතුවෙන් ජනතාවගෙන් ලැබෙන සියලූම දුරකථන ඇමතුම් සඳහා ප‍්‍රතිචාර දැක්වීමට බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නොහැකි වී ඇති බව බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

 මේ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කිරීම සඳහා හැකි සෑම විටකම කෙටි පණිවිඩයක් යොදා ගත යුතු බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. එහිදී ඉතා හදිසි, හදිසි හා හදිසි නොවන ලෙස එම පණිවුඩ එවූ විට අවශ්‍යතාවයේ ප‍්‍රමාණය මත හැකි ඉක්මනින්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු ඔවුන් ඇමතීමට කටයුතු කරන බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. තවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සම්බන්ධ කර ගැනීමට 0112489785 හා 0333120706 යන දුරකථන අංක භාවිතා කළ හැකි වන අතර  WHATS APP  හරහා එවීමට අවශ්‍ය නම් දුරකථන අංකය ලබාගෙන දැන්විය හැකි බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. රාත‍්‍රී කාලයේ 1990 දුරකථන අංකය අමතා සුව සැරිය ගිලන් රථ සේවාව දැනුවත් කිරීමෙන්ද එම රෝගීන් වහාම රෝහල් ගත කිරීම සිදු කළ හැකි බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

දෙල්ගොඩ – ඩබ්ලිව් ඞී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment