බියුටීෂියන්ස්ලා නෙළුම් පොකුණේ නටන්නයි හදන්නේ – නිලූ කොඩිකාර

169

කට්ටියට හිතාගන්නත් බැරි වෙයි

රූපලාවන්‍ය ශිල්පීන්ගේ නර්තන ප්‍රසංගයක්…
ටිකක් වෙනස් දෙයක් නේද?
මේක කරන්න පුළුවන් දෙයක්ද?
ඔවුන් කියනව ‘ඔව්” අපි මේක කරනව. දැනටමත් සියල්ල සූදානම්. කියල.
ලංකාවේ ප්‍රථම වතාවට පැවැත්වෙන මෙම ප්‍රසංගයේ බර කරට ගත්තෙ රූපලාවන්‍ය ශිල්පිනී නිලූ කොඩිකාර. මේ භාරධූර කාර්ය ගැන” ඇය මේ විදිහට හඬ අවදි කළා.

බියුටීෂියන්ස්ලා නෙළුම් පොකුණේ නටන්නයි හදන්නේ - නිලූ කොඩිකාර

රූපලාවන්‍ය ශිල්පීන්ගේ එකමුතුවෙන් ප්‍රසංගයක් පවත්වන්න සූදානම් වෙනව. ඇත්තටම මොකක්ද මේ වෙන්නෙ?

මේක සිද්ධ වෙන්නෙ අපේ Wedding Industry එකේ ඉන්න සියලුම දෙනාගේ එකමුතුවෙන්. ෆොටෝග්‍රැෆර්ස්ල” ෆ්ලවර්ස් කරන අය” බ්‍රයිඩ්ල් ඩේ‍රසර්ස් කරන අය” ඩිසයිනර්ස්ල” බියුටීෂියන්ස්ල” හෙයාර් ඩේ‍රසර්ස්ල මේ බොහෝ දෙනා කොවිඩ් නිසා වැටුණා. බිස්නස් අඩුවෙලා ගොඩඒමක් නැති තත්ත්වෙකට වැටුණා. ගොඩක් තැන් වැහිල ගියා. නමුත් මේ ඉන්ඩස්ටි්‍ර එකේ ගොඩක්ම හොඳට කරගෙන යන කට්ටිය වගේම මේ ඉන්ඩස්ටි්‍ර එකේ හැමෝම එකතුකරගෙන අපි කරන්න යනව ස්ටාර්ස් එම්පයර් 2023 කියල ලොකු ඩාන්සිං ඉවෙන්ට් එකක්. මේ ඉවෙන්ට් එක ලංකාවේ ප්‍රථම වතාවට තමයි සංවිධානය කරල තියෙන්නෙ. මෙතනදි ආයතන කිහිපයක්ම අපිට මේ වැඩේට උදව් කරනව. ඒ වගේම මේ ෆීල්ඩ් එකේ වසර 40ක් 50ක් සේවය කරල අපිට දීපු ලෙජන්ඩ්ස්ල ඉන්නවනෙ. ගාමිණී ප්‍රනාන්දු” රම්සි රහුමාන්” තිලක් ද සිල්වා” ඩෝරා අත්තනායක” දීපිකා ගු-ණසේකර” ජානකී කරුකුලසූරිය” අශෝකා තිලකරත්න” ජෙරල්ඩ්” හැරිස් විජේසිංහ” මයිකල් විජේසූරිය” සේනක ද සිල්වා” මානෙල් කොටුවේගොඩ වගේ ප්‍රවීණයන් රැසක් එකතුකරල තමයි අපි මේ වැඩේ කරන්නෙ. ඒ වගේම අලුතින් ක්‍ෂේත්‍රයට ආපු බියුටීෂියන්ස්ල තමයි මේ ප්‍රසංගයට නර්තනයෙන් දායක වෙන්නෙ.

බියුටීෂියන්ස්ලා නෙළුම් පොකුණේ නටන්නයි හදන්නේ - නිලූ කොඩිකාර

ප්‍රවීණයන් සඳහා මොකක්ද සූදානම?

මේ වැඩසටහනේ මූලික අංගය ඔවුන් වෙනුවෙන් තමයි සූදානම් කරල තියෙන්නෙ. රතු පලස මතින් ඔවුන් කැඳවාගෙන ඇවිත් අපි ඔවුන්ට අගයක් ලබා දෙනව.

නර්තන කටයුතු සහ ගායන සිදු වෙන්නෙ කොහොමද?

අපේම බියුටීෂියන්ස්ල 60ක් නර්තනය සඳහා එකතු වෙනව. ඒ වගේම ගයාන් ගුණවර්ධන ගායනයෙන් එක්වෙනව. සූර්යා දයාරුවන් අපේ කණ්ඩායමත් එක්ක නර්තනයට එකතු වෙනව. මේ නර්තන අංගවල අංගරචනා කරන්නෙ තරිඳු මධුෂාන් සහ අසංගි ද සිල්වා. ප්‍රවීණයන්ගෙ නර්තනය අංගරචනා කරන්නෙ සේනක ද සිල්වා.

බියුටීෂියන්ස්ලා නෙළුම් පොකුණේ නටන්නයි හදන්නේ - නිලූ කොඩිකාර

වැඩසටහන පුරාවට රූපලාවන්‍ය ශිල්පීන්ගේ නර්තනයන් පමණයි දකින්න ලැබෙන්නෙ?

ඔව්” මේක ලොකු ප්‍රසංගයක්. අපි නිතර දකින්නෙ රූපලාවන්‍ය ශිල්පීන් මේක්අප් දානව ඩේ‍රස් කරනව වගේ දේවල්නෙ. නමුත් මෙතනදි හැමෝටම දැකබලාගන්න පුළුවන් කොතෙක් දුරට මේ අයට නර්තනයේ යෙදෙන්න පුළුවන්ද කියල. කෙනකුට හිතාගන්නත් බැරිවෙයි. මේ වන විට ඔවුන් සියලු දෙනාම පෙර පුහුණුවීම්වල නිරත වෙනව.

ප්‍රසංගය පැවැත්වෙන්නෙ කොහේද?

ජූනි මස 02 වැනිදා සවස 6.00ට නෙළුම්පොකුණ රඟහලේදි ප්‍රසංගය පැවැත්වෙන්නෙ. පැය දෙකහමාරක් පුරාවට එකිනෙකට වෙනස් අංගයන් 24ක් ඉදිරිපත් කරනව.

බියුටීෂියන්ස්ලා නෙළුම් පොකුණේ නටන්නයි හදන්නේ - නිලූ කොඩිකාර

මොකක්ද මේ ප්‍රසංගයේ අරමුණ?

අපේ අදහසක් තියෙනව මේ ක්‍ෂේත්‍රයේම අසනීප වෙලා ප්‍රතිකාරයක් ගන්න අපහසු මට්ටමේ ඉන්න අයට ආධාර කරන්න. ඒ වගේම කොවිඩ් නිසා අගතියට පත් වුණ අයත් ඉන්නව. f ම්හැම දෙනාම වෙනුවෙන් තමයි මේ ප්‍රසංගය සංවිධානය වෙන්නෙ.

රූපලාවන්‍ය ශිල්පීන්ට අමතරව කවුද මේ අවස්ථාවට එකතු වෙන්නෙ?

නිල්මිණී තෙන්නකෝන්” සංගීත් ප්‍රභූ” ගයාන් ගුණවර්ධන සහ සූර්යා අපේ කණ්ඩායමට අමතරව මේ ප්‍රසංගයට එකතු වෙනව.

මෙහි අවදානමට සූදානමක් තියෙනවද?

මේ ප්‍රසංගයට අපිට අනුග්‍රාහක භවතුන් කිහිප දෙනකුගෙන්ම උදව් ලැබිල තියෙනව. මේ යන වියදම ටිකට්වලින් තමයි පියවාගන්න අදහස් කරන්නෙ. අනුග්‍රාහකයන් නැතත් අපි අපිම එකතුවෙලා හරි වියදම් කරල මේ ප්‍රසංගය ලස්සනට කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.

රසිකයන් ගැන විස්වාසයක් තියෙනවද?

ඔව්” විස්වාසයක් තියාගන්න පුළුවන්. මොකද මම විස්වාසයෙන් කියනව නළුනිළියන්ට වඩා ලස්සනට ඔවුන් නර්තනයේ යෙදෙනව. රසිකයන්ගෙන් ඉල්ලනව හිතනවාට වඩා විස්වාසයක් තියාගෙන එන්න” කවදාවත් දැකපු නැති ලස්සන ප්‍රසංගයක් එදාට දැකබලා ගන්න පුළුවන් වෙයි.

පිරිස එකතුකර ගැනීමේදී ගැටලු මතු වුණේ නැද්ද?

ඕනෑම ක්‍ෂේත්‍රයක එක එක ප්‍රශ්න ඇතිවෙනව. පිරිසක් එකතුකරගැනීමේදී විශේෂයි. බාධක ආවා” නැත්තෙ නැහැ. අපේම සමහර අය කිව්වා ඒ අයට ඕක කරන්න බැහැ කියල. නමුත් අපි මේක කරගෙන යනකොට ගොඩක් දෙනෙක් අපිත් එක්ක එකතු වුණා. අපිට බැහැ කියපු අයත් දැන් එකතු වෙලා ඉන්නව. දැනටත් ගොඩක් දෙනෙක් අපිට කතාකරනව අපිවත් එකතුකර ගන්න කියල. නමුත් එක නර්තනයකට පිරිස සීමා සහිත වන නිසා ඔවුන්ට ඒ අවස්ථාව දෙන්න බැරි වෙලා.

නර්තන ආචාර්යවරුන් කවුද?

කවිඳු මධුෂාන් සහ අසංක ද සිල්වා යන නර්තන ආචාර්යවරුන් තමයි පුහුණුකරවීම් කරන්නෙ.

රූපලාවන්‍ය ආයතන හිමි නළු නිළියන් ඉන්නව. ඔවුන් මේ ප්‍රසංගයට සම්බන්ධ වුණේ නැද්ද?

ජයමිණි දික්කුඹුර” සංගීත් ප්‍රභූ” නිල්මිණි තේන්නකෝන් වගේ කිහිප දෙනෙක් අපිත් සමග එකතුවෙලා ඉන්නව වගේම ඔවුන් නර්තන අංග ඉදිරිපත් කරනව.

මේ ප්‍රසංගය ඉදිරියටත් පවත්වාගෙන යන්න අදහස් කරනවද?

මේ ප්‍රසංගයේ සාර්ථක බවත් එක්ක ඉදිරියටත් ප්‍රසංග පවත්වාගෙන යන්න අපි අදහස් කරනව.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment