බිරිද රැකගන්න මිතුරා සමග ගැටුණු සැමියා පසුදා උදේ මියයයි – සැකකාර මිතුරා අත්අඩංගුවට

2401

තම බිරිඳ සමග මිතුරෙක් ඇති කරගෙන තිබූ අනියම් සම්බන්ධතාවක් නිසා මිතුරා සමඟ කොහුවලදී ඇති කරගත් ගැටුමකින් පසුව පසුදා අලූයම (25) අසාධ්‍ය වූ ස්වාමිපුරුෂයා මියගොස් ඇති බැවින් සැකකාර මිතුරා අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසියේ අපරාධ අංශය පවසයි.

මරණකරු කොහුවල ඉන්ද්‍රා මාවත ආසන්නයේ දී මිතුරා සමග ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මරණකරු බිම ඇදවැටී ඇත. ඉන් පසු ඔහු නිවසට ගොස් සිටියදී පසුදා හිසේ දැඩි වේදනාවක් ඇති බව බිරියට පැවසීමෙන් 1990 ගිලන් රථය ගෙන්වාගෙන ඇතත් ගිලන් රථය පැමිණෙන විටත් සැමියා මියගොස් සිට ඇති බව කොහුවල පොලිසිය කියයි.

මරණකරු කිරුළපන බලපොකුණ ප‍්‍රදේශයේ පදිංචි විවාහක 45 වියේ පසුවූ එක්දරු ව්‍යාපාරිකයෙකි. සැකකාර මිතුරා කිරුළපන ප‍්‍රදේශයේ පදිංචි අවිවාහක 44 වියේ පසුවන්නෙක් බව පොලිසිය කියයි. කොහුවල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච්. හැරිසන් මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.එල්.ඒ.එස්.යූ.කේ ලියනාරච්චි මහතා පොලිස් සැරයන් (10091) විජේසිංහ, පොලිස් කොස්තාපල්වරුන් වන (79033) සමන්, (81806) විජේනායක, (82498) හේවාපතිරණ, (22136) ජයසුන්දර, (93781) තේන්නකොන්, (93998) සම්පත්, කාන්තා පොලිස් කොස්තාපල් (10742) උක්වත්ත යන නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.

දෙහිවල බී. ගෝමස්

advertistmentadvertistment
advertistmentadvertistment