බිරිද සැමියා ගෙල සිරකර මරයි

478


හොරණ මල් බෙරිගම නිවසක් තුළදී
අඹු සැමියන් දෙදෙනෙක් අතර ඇතිවූ ආරවුලකින් අනතුරුව බිරිද විසින් සැමියාගේ ගෙල කමිසයකින් සිරකර නිදි යහන මත ඝාතනය කර ඇතැයි හොරණ පොලිසිය පවසයි.

ඝාතනය සම්බන්ධයෙන් බිරිඳ අත්අඩංගුවට ගෙන ඇත.

ඝාතනයට ලක්ව ඇත්තේ වසන්ත කුමාර නමැති හිටපු හමුදා සෙබලෙකි. ඔහු 30 හැවිරිදි එක් දරු පියෙකි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා බිරිඳ සමග නිරතුරුව ආරවුල් හටගෙන තිබූ බවත් ඊයේ රාත්‍රියේද ඔවුන් දෙදෙනා අතර ආරවුලක් හටගෙන තිබූ බව පොලිසිය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment