බිරිඳගේ අඟපසඟ වීඩියෝ කරද්දී විරුද්ධ වූ සැමියාට අමුතු සූත්තරයකින් පහරදීලා

1213

යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේ වෙළෙඳ සැලකින් රටකජු මිලට ගැනීමට ගිය කාන්තාවකගේ අඟපසඟ රහසිගත ලෙස වීඩියෝ කළ තරුණයකුට කාන්තාවගේ සැමියා පහර දීමට සූදානම් වූ අවස්ථාවේදී එහි සිටි පිරිසක් එම පුද්ගලයාට (30 දා) පහර දී තිබේ.

පහර කෑමෙන් එම පුද්ගලයා තුවාල ලබා ඇතත් බිරිඳගේ ඇවිටිල්ල මත ස්වාමියා ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමෙන් වැළකී ඇත.

බිරිඳගේ අඟපසඟ වීඩියෝ කළ පුද්ගලයාට ස්වාමියා පහර දුන් අවස්ථාවේදී වෙළෙඳ සැලේ සෙසු පිරිස කෑ කෝ ගසා අත්තේ කොල්ලකරුවකු වෙළෙඳ සැල කොල්ලා කෑමට පැමිණි බව කියමිනි.

එය ඇසූ යාබද වෙළද සැල්වල සේවකයෝද ඔහුට පහර දී ඇත. යාපනයේ කාන්තාවන්ට විවිධ අන්දමේ හිරිහැර හා තරුණයන්ගේ නොමනා ක්‍රියාවලට මුහුණ දීමට සිදුවන අවස්ථා මෑත කාලයේදී බෙහෙවින් වැඩි වී තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment