බිරිඳගේ අනියම් සැමියාට ඇදේ දී ගිනිතබා මැරූ සැකකරු රිමාන්ඩ්

624

බළන්ගොඩ පින්නවල ප‍්‍රදේශයේදී පෙට‍්‍රල් දමා ගිනිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාව මත එම්. ඒ. ධර්මපාල නමැති සිව්දරු පියකු සැකපිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන බළන්ගොඩ මහේස්ත‍්‍රාත් ජයරුවන් දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 07 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරිණි.

මෙම සැකකරුගේ බිරිඳ හා අනියම් ඇසුරක් පැවැත් වූ බවට සැක කරන්නා වූ 36 හැවිරිදි පුද්ගලයා සිය බිරිඳ සමඟ (19) නිදි යහනේ සිටියදී වහලයට නැග පෙට‍්‍රල් වක්කර ගිනිතැබූ බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

පින්නවල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

බළන්ගොඩ – එන්. එච්. පියසේන

advertistmentadvertistment
advertistmentadvertistment