බිරිඳගේ අනියම් සැමියාට පිහියෙන් අනී

314

තම බිරිඳගේ අනියම් සැමියාට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද හමුදා සෙබළකු 18 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට ගාල්ල අතිරේක මහෙස්ත‍්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය ඊයේ (12 දා) නියෝග කළා ය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ගාල්ල වේවැල්වල පාර පදිංචි 38 හැවිරිදි හමුදා සෙබළෙකි.

හමුදා සෙබළාගේ පවුලේ අයත් තුවාලකරුත් උඩුගම ප‍්‍රදේශයේ එකම ගමක පදිංචිකරුවන් වන අතර ළමයින් පාසල් යැවීම සඳහා හමුදා සෙබළා බිරිඳ සහ දරුවන් දෙදෙනා සමග ගාල්ලේ වේවැල්වල පාරේ නිවසක පදිංචියට පැමිණ ඇත.

මේ අතර බිරිඳගේ අනියම් සම්බන්ධය පිළිබඳ දැනගත් ඔහු රැකියාවට යන බව පවසා නිවසින් ගොස් නිවසේ සැඟව සිට ඇත. එසේ සිටියදී 10 වැනිදා රාත‍්‍රි තරුණයා පැමිණ දොර අරින ලෙස බිරිඳට පැවසීමත් සමග හමුදා සෙබළා තරුණයාට පිහියකින් පහර දී තිබේ. තුවාලකරු කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඞී. ජී. ආනන්ද මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක මහිලාල් මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.

අහංගම සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment