බිරිඳගේ නවසීලන්ත ගමනට සැමියා මරු යවයි

1100

පවුලේ ආරාවුලක් මත වෑබොඩ – උතුර පුදේශයේ නිවෙසක් තුල ඊයේ (24) රාත්‍රියේ සැමියා විසින් සිය බිරිඳගේ ගෙලට පිහියෙන් ඇන මරා දමා ඇත.

මෙහිදී සැමියාගේ පිහි පහර වලින් තුවාල ලැබු බිරිඳගේ සොහොයුරියක් හා මිතුරියක් ද ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ. මෙම සිද්ධියෙන් පසුව සැකකාර සැමියා නිවෙස අසල ළිඳකට පැන සියදිවි නසා ගැනීමට තැත් කර තිබෙන අතර අසල්වැසියන් විසින් ඔහු බේරා ගෙන ඇත.

මේ සිද්ධියෙන් මිය ගියේ වැබොඩ – උතුර පුදේශයේ පදිංචිව සිටි අප්සරා කල්පනී විමලසිරි නමැති 33 හැවිරිදි කාන්තාවක් වන අතර සැකකාර සැමියා මාතර ල කැකණදුර පුදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු වන බව කියයි.

මෙම සැමියා හා බිරීඳ උපාධිධාරින් වන අතර ඔවුන් නවසීලන්තය ට යාමට සුදානම් වී සිටින විට සැමියාට කොරෝනා වැළදී ඇත. ඒ අවස්ථාවේ බිරීඳ පමණක් නවසීලන්තයට ගොස් තිබෙන අතර පසුව ඔවුන් දෙදෙනා අතර නිතර බහින් බස් වීම් ඇති වී තිබෙන බවට හෙළිවී ඇත’ ඒ හේතුවෙන් ඔවුන් දික්කසාද වීමට සිටි බව ද කියැවේ.

මෑතකදී බිරිඳ දිවයිනට පැමිණ තිබෙන අතර මේ බව දැනගත් මාතර ල කැකණදුර පුදේශයේ සිටි සැකකාර සැමියා රහසිගතවම ඊයේ රාත්‍රියේ මේ නිවෙසට පැමිණ මේ අපරාධය සිදු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment