බිරිඳගේ බාලවයස්කාර නංගී දූෂණය කළ සැකකරුට වසර 10 ක සිර දඬුවම්  

300

සිය බිරිඳගේ බාලවයස්කාර නැගණිය දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ විත්තිකරුවකුට බරපතළ වැඩ සහිත වසර 10 ක සිරදඬුවම් ලබාදීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළේය.

වින්දිත දැරියට රුපියල් ලක්‍ෂයක මුදලක් ගෙවීමට ද නියම කළ විනිසුරුවරයා මුත්තයියා සිවපෙරුමාල් නමැති විත්තිකරුට රුපියල් 10,000 ක දඩයක් ගෙවීමට ද නියෝග කළේය. මෙයට වසර දහයකට පමණ පෙරදී එම දැරිය ඇය පදිංචි නිවසේ සිට සිය නිවසට කැඳවාගෙන යන අතරතුරදී නවාතැන් පහසුකම් ලබාදෙන හෝටල් කාමරයකට ගෙනගොස් විත්තිකරු එම අපරාධය සිදුකර ඇතැයි පැමිණිල්ලේ කියැවිණි.

විත්තිකරු මේ වන විටත් වින්දිත දැරියගේ වැඩිමහල් සොහොයුරිය සමග පවුල් ජීවිතයක් ගෙවන දරුවන් කිහිපදෙනකුගේ සැමියකු වන බැවින් ලබාදිය හැකි අවම දඬුවම ලබාදෙන ලෙසට විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත විපුලනායක මහතා කළ ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කළ විනිසුරුවරයා එකී වරදට නියම කළ හැකි අවම සිරදඬුවම එලෙස නියම කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment