බිරිඳගේ වළඳෙන් ගිලන්වුණු ගිලන්රථ රියැදුරු

767

මොහු ගිලන්රථ රියැදුරෙකි. රෝහල් කිහිපයකම මාරුවෙන් මාරුවට සේවය කළ ඔහු නිවසට නොගොස් දිගටම සේවය කිරීමට හෝ රෝහල් පරිශ‍්‍රය තුළ රැුඳී සිටින්නට ප‍්‍රිය කළේය.

‘‘මචං උඹ මොකද ගෙදර යන්න අකමැති’’ හිතවත්ම මිතුරෙකු දිනක් ඇසුවේ හිතමිතුරු කමටමයි.

‘‘ගෙදර යනවට වඩා හොඳයි බං අපායට යන එක.’’ ඔහු ගණනකට නොගෙන කීවේ ලැජ්ජාවකින් තොරවය.

‘‘ඇයි උඹට ගෙදර මොකක්ද තියෙන ප‍්‍රශ්නය’’ මිතුරා ඊළඟ ප‍්‍රශ්නය යොමු කළේ කුමන හෝ සහනයක් කිරීමේ චේතනාවෙනි.

‘‘මචං මම බැඳගෙන ඉන්නෙ ගෑනියෙක් නෙමෙයි යක්‍ෂණියක්. මම බින්න බැහැපු එකෙක්. ගෙදර ඉඩකඩම් ඔක්කොම වයිෆ්ගේ දේවල්. ඒත් මමත් රස්සාවක් කරනවනෙ බං.’’

‘‘ඒකනෙ…’’

‘‘නෑ බං… මම ගෙදර ගියොත් වළන් ටික හෝදන්න ඕනේ. වත්ත පිටිය කොටන්න ඕනෙ.’’ ඔහු කීවේය.

‘‘ඒ වැඩ කොයි මිනිහත් කරනවනෙ බං…’’ මිතුරා කීවේ රටේ තත්ත්වය සිහිපත් කරමිනි.

‘‘ඒ රටේ තත්ත්වයනෙ. අපේ ගෑනි මට එවන්නේ වළන්. මේ බලපන් අන්තිමට එවපු වළඳ වැදිලා නළලට දාපු මැහුම් ගොඩ…. ’’ ඔහු නළලත පෙන්වූයේ ඒකි යකින්නක් යැයි කියමිනි.

පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment