බිරිඳට -නැන්දම්මාට කැත්තෙන් කොටා සිව්දරු පියා ගිනි තබාගෙන නසී

240

තම බිරිඳ සහ නැන්දම්මා සමග ඇතිවූ ආරවුලකින් පසුව ඔවුන්ට කැත්තකින් කොටා සිව්දරු පියකු සිරුරට ගිනි තබාගෙන මියගොස් ඇතැයි මහකලූගොල්ල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ සියඹලාණ්ඩුව, මහකලූගොල්ල පදිංචි එම්. ඩබ්ලිව් ඥානසිරි ලක්ෂ්මන් (38) නමැති අයෙකි. හෙතෙම සිය බිරිඳ සහ නැන්දම්මා සමග රණ්ඩුවී ඔවුන්ට කැත්තකින් කොටා සිරුරට ගිනි තබාගෙන ඇත. පිළිස්සුම් තුවාල සහිත ඔහු මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලට පෙරේදා (15 දා) රාත‍්‍රී ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ (16 දා) අලූයම මියගොස් ඇත.

බිරිඳ සහ නැන්දම්මා ද රෝහලේ ප‍්‍රතිකාර ලබති.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මහකලූගොල්ල පොලිස් ස්ථානාධිපති සේපාල රත්නායක මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment