බිරිඳව බේරගන්න දොස්තර මහත්වරු විශාල උත්සාහයක් ගත්තා – ආදිවාසී නායක වන්නිල ඇත්තෝ

371

‘‘කොරෝනා’’ රෝගයට ලක්වූ තම බිරිඳගේ ජීවිතය බේරා ගැනීමට වෛiවරුන් උත්සාහයක් ගත් නමුත් එය ව්‍යර්ථ වූ බව ආදිවාසී නායක ඌරුවරිගෙලාගේ වන්නිල ඇත්තෝ ‘දිවයින’ ට ප‍්‍රකාශ කළේය.

ඇය වකුගඩු රෝගයෙන් පෙළුණු අතර කාලයක් තිස්සේ රෝහල් වලින් ප‍්‍රතිකාර ලබාගත් බවද හෙතෙම පැවැසීය.

තමාගේ දියණිය මවට වකුගඩුවක් පරිත්‍යාග කළ බවද ඔහු කීවේය.

කොරෝනා රෝගයට ගොදුරුවූ දඹානේ ආදිවාසී පවුල් කීපයක්ම ප‍්‍රතිකාර ලබන බවත් හෙතෙම කීවේය.

කොරෝනා ආසාදිතව මහියංගනය රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී බිරිඳගේ තත්ත්වය බරපතළ වූ බවත් ඇය පේරාදෙණිය රෝහලට මාරුකර යැවූ බවත් වන්නිල ඇත්තන් කීවේය.

ආදිවාසී නායකයාගේ පවුලේ තවත් පිරිසක් කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල පසුවෙති. ඔහුගේ පවුලේ පිරිමි දරුවන් හත්දෙනකු සහ ගැහැනු දරුවකු සිටින බව දඹානේ සුමනේ ඇත්තන් කීවේය.

ආදිවාසී නායකයාගේ බිරිඳ කොරෝනා පළමු එන්නත ලබාගෙන ඇත.

නෝමන් පලිහවඩන
 

advertistmentadvertistment
advertistmentadvertistment